කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

November 10, 2019 at 10:32 pm | lanka C news
කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

අද දිනයේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි.

එහිදී මුදල් බෙදා ගැනීමේ ප‍්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය.

එම ප‍්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත‍්‍රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප‍්‍රකාශය මෙතනින්

ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්‍රමාණයකි.

දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ.

ඒ අනුව රත‍්‍රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය.

කිලෝ 01ක මිල – 8,000,000
ටොන් 7000 – කිලෝ 7,000,000
මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000
ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311)

මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින්

අදාල රත‍්‍රන් තොගය ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත.

එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය.

2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප‍්‍රභාකරන්ට තිබී ඇත.

ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත‍්‍රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත‍්‍රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප‍්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.

335 views

41 Comments to “කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]”

  1. Hail every one, Williong Skkuperu Alias William.Shakinsphere here.
    Man!!!, this Dental.Mechanic of your Country should have been borne in UK.
    Our country UK is in dire straits, due to low income.
    I can ask Boris Jonston to make him our finance minister here, so he can make our gold reserves rise up from 2000 tons to 7000tons overnight.

    Our economy will jump up like frog.
    Do me a favour Mr Brainnil , sorry Ranil,and send this bugger over here.
    Regards
    WS

  2. Modapala says:

    ඉතින් හරි නෙව.ඇමෙරිකාවට තියෙන්නෙ රත්‍රරං ටොන් අටදාහයි. හත්දාහක් ගෝටාභයගෙ.කාටද ආඩම්බර?ඒකත් අපේ මිනිහෙක්ගෙ.ගෝටට ආයෙ සම්මාන පුරවැසි කම දෙයි ඇමෙරිකාවත්.
    දෙවැනි කාරණය ඊටත් වඩා වැදගත්. මෙච්චර ධනයක් තිබුණ මිනිස්සු හිටියෙ යාපනේ විතරක්.ලංකාවෙම උනානම් කොහොමට හිටියිද ?
    පේනව නේද ඇමති කෙනෙක්ගෙ මොළේ.

  3. Ranhami says:

    මට දුක යූ.එන්.පී.කාරයන් ව්න අපි කොච්චර මෝඩද කියල මිනිස්සු කියන එකට.

Main News