කොටින්ට කෙලෙහි ගුණයක් නෑ..

June 7, 2017 at 8:40 am | lanka C news
කොටින්ට කෙලෙහි ගුණයක් නෑ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

”මේ වන විට යුරෝපයේ ඇතිවී ඇති ත්‍රස්තවාදී රැල්ල පිළිබද මෙරටේ අවධානය යොමුකල යුතුයි. 2009 අප්‍රේල් මාසයේ ත්‍රස්තවාදය පරාජය කිරීම ඔන්න මෙන්න කියා තිබිය දී කොටින් බේරා ගැනීම සඳහා සටන් විරාමයක් ලබා දෙන මෙන් බල කරන්න ලංකාවට විදේශ ඇමතිවරු දෙදනෙකු ආවා. ඒ තමයි ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කෘෂ්ණ. එක්කෙනෙක් එක්සත් රාජධානියේ. අනිත් කෙනා ප්‍රංශයේ. දෛවයේ සරදමක් මෙන් මේ රටවල් දෙකම ඉතා මෑතක දී ත්‍රස්තවාදි ප්‍රහාර වලට ගොදුරු වුණා. අහිංසක ජීවිත විශාල ගණනක් අහිමි වුණා. මෑත කාලයේ යුරෝපය පුරා ත්‍රස්තවාදි රැල්ලක් හමා යමින් පවතිනවා. මේ රැල්ලේ වැඩියෙන්ම බැටකෑ රටවල් දෙකක් තමයි ප්‍රංශය සහ එක්සත් රාජධානිය. මේ සමයේ කොටි ත්‍රස්තවාදය අවසන් නොවී පැවතුණා නම් තත්වය කුමක්ද?

ලෝකයේ භයානකම අවිය වන මරා ගෙන මැරෙන මිනිස් බෝම්බය සොයා ගත්තේ කොටි. වැඩිම මරා ගෙන මැරෙන ප්‍රහාර ගණනක් එල්ල කර තිබෙන්නෙත් කොටි. එහි ඉහළම තාක්ෂණයට හිමිකම් කිව්වෙත් කොටි. අද කොටි සංවිධානය සිටියා නම් මේ තාක්ෂණය මුස්ලිම් අන්තවාදින් අතට යනවා. කොටි මේ තාක්ෂණය විතරක් නොවේ බෝම්බකරුවන් පවා විකුණන්න ඉඩ තිබුණා. එසේ නම් යුරෝපයේ මීට වඩා විනාශයක් සිදු වෙනවා.

බටහිර රටවල් හිතාගෙන ඉන්නව ඇති අපි කොටින්ට ආදරයෙන් සලකනවනේ අපි කොටි රකිනවනේ බලාගන්නවනේ ඒ නිසා අපිට කොටි අත තියන එකක් නෑ කියලා. නමුත් අමතක කරන්න එපා කොටි ත්‍රස්තවාදයේ අම්මා වුණු ඉන්දියාවේ නායකයා වු රජීව් ගාන්ධි මහතා මරා දමන්න කොටින් පසුබට වුණේ නෑ. කොටින්ට කෙලෙහි ගුණයක් නෑ. කොටියා යළි නැගිටිනවා කියන්නේ සමස්ත ලෝක ත්‍රස්තවාදයටම අළුත් පණක් ලැබෙනවා කියන එකයි. පෙවු කිරි වැන්න විස ඝෝර සප් කියලා පැරනි සිංහල කවියක් කියලා තියෙනවා. අවාසනාවකට එවැනි කවි ඉංග්‍රීසි සහ ප්‍රංශ සාහිත්‍යයේ නැති නිසා වෙන්න ඇති එක් ත්‍රස්ථවාදයකින් බැට කන ගමන් කොටි ත්‍රස්ථවාදය සහ මුකුළු කරන්නට මේ බටහිර රටවල නායකයන් ක්‍රියා කරන්නේ. ඒ නිසා මිය ගිය කොටියාට යළි පණ දීමට බටහිර බලවතුන් දරණ උත්සාහය වහාම නැවැත්විය යුතුයි. නැති නම් ඊට වන්දි ගෙවීමට සිදු වෙන්නෙත් ඒ රටවල අහිංසක ජනතාවටයි කියන එක මේ ත්‍රස්ථ ප්‍රහාර මැද අපේ ශෝකය පළ කරන අතරේ අපි මතක්කර සිටිනවා”

– අරවින්ද අතුකෝරල

16 views

One Comment to “කොටින්ට කෙලෙහි ගුණයක් නෑ..”

  1. danu says:

    YES IT IS TRUE AND I BELIEVE IT

Main News