කොටින්ට ගිනි අවි නිෂ්පාදනය කල අයෙකු අලුත්ම ආයුධත් සමග මුලතිව්හිදී අත්අඩංගුවට…
October 4, 2017 at 5:30 pm | lanka C news
මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ නිවසක් තුල රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු 03 වනදා සවස ගිනි අවි සහ පුපුරණද්රව්යද සමග අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියා සිටියේය.
දේවිපුරම් ප්‍රදේශයේ නිවසක් තුල මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ හදීසි වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් තිස්සේ එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ අයකු බවටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් හඳුනාගෙන ඇති බවටද පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්, ටි.56 මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියා සිටියේය.
සැකකරු විසින් බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් විවිධ පලාත් වල විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පැවසුවේය.
අත්අඩංුවට ගත් සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු ගිනි අවි විකුණු පුද්ගලයින් පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇතියි පුදකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඒ ඉස්සර. දැන් මේවා හදන්නේ අලින්ට බදින්න. චන්දෙ ලග එනකොට වැඩ ගන්න. ආර් වබ්ලිව් හරි එම් ඇස් ට සපෝට් එකට. අල්ලන එපා ඔන්න. යේස් සර්..ඕ.කේ.සර්. dont වොරි සර්. කාපියව් කෙහෙල් ගෙඩි.
ඕව මාළු අල්ලන්න හදපුවා කියල හෙට පත්තරේ තියෙයි, පවු අහිංසක මනුස්සයා.