කොටින් සැගවූ රත්තරන් සොයන්න ගිය හතරක් අත්අඩංගුව.. රුපියල් කොටියක ස්කෑනර් යන්ත්‍රයකුත් අල්ලයි..

June 17, 2018 at 12:00 pm | lanka C news
කොටින් සැගවූ රත්තරන් සොයන්න ගිය හතරක් අත්අඩංගුව.. රුපියල් කොටියක ස්කෑනර් යන්ත්‍රයකුත් අල්ලයි..

එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සැඟවු රත්රන් සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ සැකකරුවන් හතරදෙනෙකු පසුගිය 15 වනදා වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සුඛෝපභෝගී කාර් රථයක් සමඟ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.

වවුනියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීනන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ හදිසි මාර්ග බාධකයකදී අදාළ සැකකරුවන් සමඟ අදාල ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.

සැකකරුවන් අදාළ ස්කෑනර් යන්ත්‍ර යොදාගෙන පොළව යට පවතින ලෝහ සම්බන්ධයෙන් සොයා බැලීමට සුදානම් කොට ඇති අතර එම ස්කෑනර් යන්ත්‍රයෙන් පොළව යට .ිබෙන් රත්තරන් මැණික් ඇතුලු සියලු දේ වෙන වෙනම පෙන්වා දෙන අධි තාක්ෂණයෙන් යුතු ස්කෑනර් යන්ත්‍රයක් බවටද පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් කියා සිටියේය.

අදාළ ස්කෑනර් යන්ත්‍රය ‍රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු වන අතරම සැකකරුවන් ගම්පහ හා ඇඹිලිපිටිය ප්‍රදේශයන්ගේ පදිංචි පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව පොලීසිය වෙතට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුක් කටයුතු කොට ඇති අතර එම සැකකරුවන් අද (17) දිනයේදී වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25 views
Main News