කොඩියේ මන්ත‍්‍රීකමට රතන හිමි පාර්ලිමේන්තුවට.. මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයත් සූදානම්..

September 6, 2020 at 10:23 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකමට රතන හිමි පාර්ලිමේන්තුවට.. මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයත් සූදානම්..

අපේ ජනබල පක්ෂය හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මන්ත‍්‍රී ධුරය දරද්දී උන්වහන්සේගේ කාර්යය මණ්ඩලය සඳහා කටයුතු කල අයෙකු විසින් මේ බව හෙළි කර තිබේ.

එම පුද්ගලයා සඳහන් කර ඇත්තේ රතන හිමියන් පාර්ලිමේන්තු යාමට සූදානමින් සිටින බවත් තමන්ට ද රැකියාව පෙර පරිදිමය හිමි වනු ඇති බවත් ය.

අපේ ජන බල පක්ෂයට මෙවර ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවුවද ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ දක්වා කිසිම එම ධුරය සදහා කිසිවෙකු නම් කර නැත.

මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් වූ වග උත්තර කරුවකු කරමිනි එක් පාර්ශවයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබේ.

68,357 views
Main News