කොඩියේ මන්ත‍්‍රීකමට රතන හිමි පාර්ලිමේන්තුවට.. මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයත් සූදානම්..

September 6, 2020 at 10:23 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකමට රතන හිමි පාර්ලිමේන්තුවට.. මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයත් සූදානම්..

අපේ ජනබල පක්ෂය හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මන්ත‍්‍රී ධුරය දරද්දී උන්වහන්සේගේ කාර්යය මණ්ඩලය සඳහා කටයුතු කල අයෙකු විසින් මේ බව හෙළි කර තිබේ.

එම පුද්ගලයා සඳහන් කර ඇත්තේ රතන හිමියන් පාර්ලිමේන්තු යාමට සූදානමින් සිටින බවත් තමන්ට ද රැකියාව පෙර පරිදිමය හිමි වනු ඇති බවත් ය.

අපේ ජන බල පක්ෂයට මෙවර ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවුවද ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ දක්වා කිසිම එම ධුරය සදහා කිසිවෙකු නම් කර නැත.

මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් වූ වග උත්තර කරුවකු කරමිනි එක් පාර්ශවයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබේ.

68,291 views

15 Comments to “කොඩියේ මන්ත‍්‍රීකමට රතන හිමි පාර්ලිමේන්තුවට.. මන්ත‍්‍රී කාර්ය මණ්ඩලයත් සූදානම්..”

  1. තකිරඟ says:

    නොදකින් මෙහෙම තන්හාවක්…පහුගිය අවුරුදු ටිකේම පාර්ලිමේන්තුවේ හිට්යා රටට කරපු එක සෙතක් නැහැ… මදෑ Gnasara හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න අපි කොඩියට ජන්දෙ දුන්නා…. රතන හිමි ඉන්න පැත්තකට නම් ආපහු ජන්දෙ දෙන්නේ නැත

  2. බන්ඩා says:

    රතන කියන්නෙ චම්පකයගෙ හෙල කරුම කාසියේ අනිත් පැත්ත. මුන් ඥාණසාර හිමි ඇන්දුවා.

  3. Dewaka says:

    රතනේ ඩයස් පෝරා සල්ලි වලින් වැඩ ගන්න බව පෙනෙනවා. ගලබොඩත්තේ හාමුදුරුවන් එන එක නවත්තන්න අර ජිනීවා දුවන් අම්මන්ඩි කොටි සල්ලි වලින් මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. රතනේ නම් ආපසු පාර්ලිමේන්තු එවන්න එපා.

  4. ලොලිපොප් මොංගල් says:

    මෙි ප්‍රවෘතිය දකින කොටම මට හිතුන දේම තකිරග කියල තියෙනව.
    මට කියන්න තියෙන්නෙත් නොදකින් කාලකන්නිය කියල තමයි.

  5. Kalana says:

    නොදකින්, මූ ඉන්නකොටමයි ඔය හලාල්, කාති , මද්රස ඔක්කොම අනුමැත උනේ, මොකුත් කලේ නැහැ. ගියයි කියල කිසිම සෙතක් වෙන්නේ නැහැ.

  6. desta says:

    mala prethaya budu syurata nigawak Aita paw nodi pansale wadak balaganin .

  7. අනුර says:

    අපේ රටෙහි දේශපාලනයේ අවගමනයේ එක් පැතිකඩක් මෙම නාඩගම හරහා දිගහැරෙනවා. රතන හිමි දේශපාලනයට ආවේ තක්කඩි පිරිසක් සමගයි. 87-89 ජවිප දේශපාලනයේ සරසවි තුළ හිටපු කණ්ඩායමක් “ජනතා මිතුරෝ” නමින් 1990 ගණන්වලදී කලඑළි බසින ලද චම්පික, අශෝක, වර්ණසිංහ, රතන හතර දෙනාගේ කල්ලියේ අවස්ථාවාදී ආගමනයේ ඉතිහාසය නොදන්නෝ තවමත් මේ කල්ලියට හසුවිසිටීම මොනතරම් කනගාටුදායකද? “හෙලුඋරුමය” නමින් සෝමහිමියන්ගේ අපවත්වීම අවියක් කරගනිමින් රට තුළ පිලිගන්මක් තිබෙන බික්ෂුන් පිරිසක් ඉදිරියට දමා පාර්ලිමේන්තුවට පැමිණි මේ නඩය, 2005 සිට 2015 දක්වා විවිධ වේශයන්ගෙන් රගදක්වීම් සිදුකළහ. වරක් මේ අය මහින්ද පාලනය සමගද, ඊට පසු යහපාලනය සමගද සිටිමින් මධි තරකර ගත්හ. ඔබේසේකර පුරයේ ආවාස තැනුනි, ජනාධිපති කාර්යාලයට රිංගාගත් රතන “ NGO සංවිධාන මගින් කාලයක් පට්ට ගැසූ “පරිසර හිතකාමී ගොවිතැන” සඳහා මුදල් කාබසිනයා කරමින් තම මඩිය තරකර ගත්තේය. අශෝක හා වර්ණසිංහ “මෛත්‍රිපාල” ජනාධිපති උපදේශකයෝ වෙමින් මහජන මුදල් කාබාසිනියා කරන ආයතන ගොඩනැගුහ. උන් දැන් ආගිය අතක නැත. පාටලී චමිපික යහපාලන ඇමතිකම් දරමින් කරන ලද දේ මුළු රටම දනී. අවස්ථාවාදය තවමත් විවිධ මුහුණුවරින් කලඑළි දකිමින් තිබේ. දැන්වත් මේ ආපදාවෙන් මිදෙනු.

    • ගිලෙන නැව කල් තියා හදුනා ගැනීමටත්, ඊ ලගට දිනන නැව ට පැන ගැනීමට ගැසිය යුතු ජනප්‍රියම තාලය හදුනා ගැනීමටත්, එය ජනතාව මුලා වන සේ නියමාකාරයෙන් වයා සෑම මැතිවරණයකදීම පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ වැජබීමටත් චම්පක, රතන තරම් දක්ෂතා ඇති කිසිවකු මෙලොව නැත…

  8. Dikman Aiyya says:

    …..this fellow is a huge disgrace to our Mahaa Sanga….disgusting greedy cunning fellow

  9. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    රතන මහත්තයාගේ තෘෂ්ණාව වස විස නැති උන්නැගෙ ටිකිරි කොටුව වගේ තමයි.අනේ මෙහෙම තන්හාවක්.

  10. gamarala says:

    ජනතාව මැතිසබයෙන් පිටදී රතන හාමුදුරුවන්ට පිළිතුරු දේවි අබ සරණයි

Main News