කොටි ආයුධ තොගයක් සගවා තිබියදී මුලතිව් වලින් හමුවෙයි..
December 19, 2018 at 8:40 am | lanka C news
මුලතිව් ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ සගවා තිබූ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ තොගයක් සගවා තිබියදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඔඩ්ඩුසුඩාන් රක්ෂිතයේ කයිවේලි තේරාවිල් ප්‍රදේශයේ අදාල කොටි යුද උපකරණය සගවා ඇති බවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයට ගොස් සිදු කරන ලද සෝදිසියකදී අදාල යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදී සොයාගත් කොටි යුද උපකරණ තොගය අතර කාලතුවක්කු උණ්ඩ 01, පුද්ගල නාශක බෝම්බ 05ක්, මිලිමීටර් 81 වර්ගයේ පැරා මෝටාර් 01, මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි ක්‍රිෂ්ටි සෙල් මෝටාර් 02යි, ආර්.පී.ජී.01 ක් මේ අතර වෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොටි ආයෙ මේ ආයුධ අරගෙන යුද්දෙ පටන්ගන්න යන්නෙ. අපිට බ්‍රොයිලර් අගමැති ඕනෑ…