කොටි ආයුධ සොයා කැනීමක්…

May 28, 2018 at 2:16 am | lanka C news
කොටි ආයුධ සොයා කැනීමක්…

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේදී යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන්නට ඇතයි සැකකෙරෙන අයුද තොගයක් සොයා කැනීමක් ආරම්භ කරන ලදි.

පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිට පිමක් පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් කැනීම් ආරම්භ කොට ඇත.

කෙසේ වෙතත් මේ දක්වා අදාල ස්ථානයේ සිදු කල කැනීම් වලදී කිසිවක් හමු වී නොමැති අතර අද සහ හෙට දිනයේදී කැනීම් කටයුතු සිදු කිරීමට පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views
Main News