කොටි ආයුධ සොයා පොළව හාරයි…

February 19, 2019 at 12:40 pm | lanka C news
කොටි ආයුධ සොයා පොළව හාරයි…

යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද අයුධ ඇති බවට සැකසහිත ස්ථානයක අද (18) දින සිදු කල කැනීම්වලදී කිසිවක් හමු නොවූ බවට පොලීසිය කියා සිටියේය.

ලැබනු බුද්ධි තොරතුරකට අනුව වඩමාරච්චි නැගෙනහිර තේර්කු ප්‍රදේශයේදී පලෙයි පොලිස් නිලධාරීන් විසින් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව පොලිස් නිලධාරීන් හා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් මෙම කැනීම සිදු කරන ලදි.

පස් කපන බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් තල් ගසක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනීම සිදු කලද එම ස්ථානයේ කිසිවක් හමු නොවූ බවට පලෙයි පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,441 Viewers
Main News