කොටි කරදරෙන් පසුව අලි කරදරේට මැදිවෙති..
October 17, 2017 at 2:11 am | lanka C news
වව්නියාව හා කැබිතිගොල්ලෑව අතර පිහිටි මායිම් ගම්මාන කිහිපයකට මේ දින වල බලපා ඇති වල් අලි කරදර හේතුවෙන් එම ගම්මාන වල වැසියන් ගැටලු රැසකට මුහුණ පා සටියද මෙතෙක් කිසිදු බලාධාරියෙකුගේ අවධානයක් යොමු නොකොට ඇති බව එම වැසියන් පවසති.
මෙසේ වල් අලි තර්ජනයට ලක්ව ඇති ගම්මාන වන කැලෑපුලියන් කුලම, දුටුවැව, කුංචුට්ටුව, මහහල්මිල්ල වැටිය හා මහරලපනෑව ආදි ගම්මානවල වැසියන්ය.
මේ වන විට වැඩි වශයෙන්ම වල් අලි කරදරෙන් පීඩා විඳින්නේ කැලෑපුලියන්කුලම් ගම්වාසීන් වන අතර (15) රාත්රියේදී ගම්මානයේ පිහිටි බවභොග් වලට දැඩි ලෙසින් හානි කොට විනාශ කර දමා තිබුණු අතර වල් අලි කරදර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම බනජීවි නිලධාරීන්ට මෙන්ම ග්රාම සේවක මහතා ඇතුලු ඉහල රාජ්ය නිලධාරීන් දැනුවත් කළද මේ වන තුරු කිසිදු විසඳුමක් නොලැබුනු බවට කැලෑ පුලලියන් කුලම් ගම්වාසීන් කියා සිටිති.
මෙම ගම්මාන වල වැසියන් කියා සිටින්නේ වල් අලින් සෑම දිනකම සවස 6 පසු වූ සැනින් අඳුර වැටීමටත් පෙරම ගම්මාන වලට ඇතුල් වන අතර කිසිදු වැසියෙකුට සවස් කාලයේ නිවෙස් වලින් පිටවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවටයි.
එමෙන්ම ගෙවතු වල වගා කොට ඇති පොල් කෙසෙල් එලවළු වගාවන් ඇතුලු සෑම වගාවක්ම මේ වන විට විනාශ කොට ඇති අතරම වල් අලින් එලවා දැමීමට නොහැක්කේ විදුලි පන්දම් එලියක් හෝ ශබ්දයක් ඇසුනු සැනින් මිනිසුන් පසු පසද එලවන නිසාවෙන් එම ගම්මාන වල වැසියන්ට දැඩි බියකින් ජීවත්වීමට සිදුව ඇත.
මෙම ගම්මාන වල වැසියන් කියා සිටින්නේ යුද සමයේදී වව්නියාවෙන් වැඩි වශයෙන්ම කොටි තරුජනයන් තිබුනේ තමන් සිටින ගම්මාන වලට බවත් යුද්දයෙන් පසුව දැන වල් අලි කරදයට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් වල් අලින් වෙනුවෙන් අලි වෙඩි හෝ පලවා හැරීමට කුමන පිළියමක් යෙදුවද ඒසියල්ලක්ම තාවකාලික බවත් දින කිහිපයකින් නැවති වල් අලි කරදරවලට මුහුණ පෑමට සිදුවන අතර මේ නිසා එකම පිළියම වන්නේ ගම්මාන ආවාරණය වන අයුරින් හැකි ඉක්මනින් අලි වැටක් ඉදිකළ යුතු බැවින් බලධාරීන්ගේ අවධානය ඒපිළිබඳව යොමු විය යුතු බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ