කොටි කොඩි, නිළඇඳුම්, බෝම්බ රැගෙන ගොස් පැන ගිය හිටපු කොටියා අල්ලයි..
June 24, 2018 at 8:40 am | lanka C news
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් හා කොඩි සමග බෝම්බ ඇතුලු යුදු උපකරණ රැසක් රැගෙන යමින් සිටියදී පලා ගිය හිටපු කොටි සාමාජිකයා ඊයේ (23) රාත්රියේ අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලීසිය කියා සිටියේය.
මුලතිව් මල්ලාවි මාර්ගයේ වන්නි විලායන්කුලම් ප්රදේශයේ සැගව සිටියදී මාන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පැන ගිය හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයා 41 හැවිරිදි වෙල්ලසාමි එගාම්බරන් වන අතර ඔහු කිලිනොච්චිය ශාන්තිපුර් අම්බාල්නගර් ප්රදේශයේ පදිංචි කරුවෙකු වන අතරම යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ක්රියාකාරකම් හේතුවෙන් ඔහුගෙන් වම්අතද අහිමිව ඇති අතර මාන්කුලම් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ත්රස්ත විමර්ශන ඒකකය විසින් රැගෙන ගොස් ඇත.
මේ අතර පසුගිය 21 වනදා රාත්රියේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී මුර සංචාරයේ යෙදී සිටි මාන්කුලම් පොලිස් රථවාහන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ත්රී රෝද රථය පිළිබඳවද පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතරම එදින රාත්රියේ සැකකරුවන් දෙදෙනෙකු හා පසුදා අළුයම තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් තිදෙනාද කිලිනොච්චිය ප්රදේශයේ පදිංචි කරුවන් වන බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් අදාල ත්රී රෝද රථයේ තිබී කොටි නිල ඇඳුම් තුනක්, කොටි කොඩි 2 ක්, කොටි හිස් වැසුමක් කිලෝ 15 ක් බරින් යුත් ක්ලේමෝ බොම්බයක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා දුරස්තපාලක 02ක්, සන්නිවේදන උපකරණ 02ක් හා ඩෙටනේටර් තොගයක් තිබීයදී සොයා ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාම මේ වන විට වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ත්රස්ත විමර්ශන ඒකකය විසින් රැගෙන ගොස් ඇති අතර අදාල යුද උපකරණ තොගය ප්රවාහනය කිරීමට හේතුව පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එකත් එකටම මාළු අල්ලන්ට පාවිච්චි කරන්න වෙන්න ඇති, මොකද පුරාණෙ ඉඳලම යාපනේ තිබිල තියෙනව ක්ලේමෝපන්න කියල මාළු අල්ලන ක්රමයක්.
ඊයෙ පෙරේදා කට්ටියක් ඇවිල්ලා ගියාලු නේ.
ඌතුරේ හමුදාව පෙර පරිදි ස්ථාන ගත කල යුතුය
nalawanna epooooooooooooo….. Uwath marala daapiyaw.
Koti sellam dan athi……………..
Onna………… velu baba untath enna kiyanawa wage ahuna…………
Yawapalla mungwa Velu baba muna gasenna Rayappuge ashilwadayakuth deela.