කොටි තහනම ඉවත් කරගන්න නඩු දමයි..

January 2, 2019 at 8:40 am | lanka C news
කොටි තහනම ඉවත් කරගන්න නඩු දමයි..

ලොව පුරා රටවල් ගණනාවක එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් සැලසුම් කරමින් සිටී.

මෙසේ මුල් වටයේදී ඇමරිකාවේ හා යුරෝපා සංගම් රටවල කොටි තහනම ඉවත් කර ගැනීම සදහා ඒ රටවල නඩු පැවරීම සදහා ඔවුන් සැලසුම් කර තිබේ.

හිටපු කොටි නායකයෙකු හා දෙමල ඊළාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ නායකයා යයි කියන රුද‍්‍රකුමාරන් නැමැත්තා මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදුවෙමින් ඇත.

7,685 Viewers

5 Comments to “කොටි තහනම ඉවත් කරගන්න නඩු දමයි..”

  1. සැපා says:

    එහෙම උන්ට කරන ඉඩ ඇරලා පාර්ලිමේන්තුකාරයෝ වෙලාව අල්ලනවා කුලල් කකා. මේ කොටි- ආණ්ඩුව එක්වෙලා ගහන ගේමක්. කොටි මඩින විදිය අපි ඊයේ ජිනීවා නඩ වලට කියා දුන්නා. බලමු ඒ අයත් කරන්නේ මොනාද කියලා?

    හමුදාව තමන් නිදහස් කරගැනීම සදහ දැන් සැලසුම් හදා ගන්න ! Exit Strategy

    • Saradiel says:

      ඊළාම් සංක‍්‍රාන්ති ආණ්ඩුවේ නායකයා යයි කියන රුද‍්‍රකුමාරන් නැමැත්තා වහාම අත්අඩංගුවට ගැනීමට නීතිමය පිරවර ගන්නා ලෙස ජනපති සිරිසේනගෙන් අපි ඉල්ලමු
      ලංකා ආණ්ඩුව වහාම ලෝකයේ සෑම රටකම LTTE එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය තහනම ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටිය යුතුයි
      මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදී සංවිධානය සෑම රටකම තහනම් කල යුතුයි

  2. LION says:

    එල්ටීටීඊ යේ. ජාත්‍යන්තර ජාලය තවමත් කි‍්‍රයාත්මක වී පවතින බව ඇමෙරිකාවේ විශ්වාසයක් ඇති වූ අවස්ථාවක ඔවුන් විසින්ම එල්ටීටීඊ සංවිධානය තහනම් ත‍්‍රස්තවාදී සංවිධානය බවට නැවත ලැයිස්තු ගත කෙරනු ලැබීම ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා නගන බටහිර නායකයන්ට එය කදිම පිළිතුරක් බව අපගේ හැඟීමයි.

  3. Saradiel says:

    ඔසාමා බින් ලාඩන්ගේ අල්ඛයිඩාව ත්‍රස්‌ත ලැයිස්‌තුවෙන් ඉවත් කරන්නැයි කිසිම මුස්‌ලිම් රටක්‌ හෝ සංවිධානයක්‌ ඇමරිකාවට බලකරන්නේ නැත. ඔසාමා මිය ගියද මේ තර්ජනය අවසන්ව නැත. සැබවින්ම එල්ටීටීඊයේ තහනම ඉවත් කිරීමට කතා කිරීමම රාජෙද්‍රdaහී ක්‍රියාවකි.

  4. sunimal says:

    එල්ටීටීඊය යළිත් වතාවක් තමිල්නාඩුව තුළ සංවිධානය වන බවත් එය ඉන්දියාවට පමණක් නොව මුළු කලාපයටම තර්ජනයක් බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    එල්ටීටීඊයේ දැනට සිටින නායකයින් හා එහි සාමාජිකයින් මේ වන විට දකුණු ඉන්දියාව කේන්ද්‍රකර ගනිමින් එම සංවිධානයේ ප‍්‍රචාරක ජාලය ක‍්‍රියාත්මක කරන බැවින් එය මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් ක‍්‍රියාත්මක කළ යුතු බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ආර්.කේ. සුමන් මහතා පෙන්වා දෙයි.

Main News