කොටි ත්‍රස්තයින් වලදැමූ රත්‍රන් කැනීම් අවසන්….

September 19, 2022 at 5:30 pm | lanka C news
කොටි ත්‍රස්තයින් වලදැමූ රත්‍රන් කැනීම් අවසන්….

යාපනය ඉරුපලෙයි ප්‍රදේශයේදී කොටි ත්‍රස්තයින් වලදැමූ බවට සැකකෙරුනු ස්ථානයක රත්ත්‍රන් සොයා සිදුකල කැනීම් නවතා දැමීමට යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා  නියෝග කොට සිටියේය.

කෝපායි පොලිස් ස්තානයට කොටි ත්‍රස්තයින් විසින් යුදසමයේදී රත්තරන් තොගයක් වලදමා ඇති බවට ලැබුනු තොරතුරකට අනුව ඉරුපලෙයි ඕලන්ද මාර්ගයේ පිහිටි ඉඩමක නිවසක් ආසන්නයේ අදාල කැනීම සිදුකරන ලදි.

යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී පස්කපන යන්ත්‍ර යොදා  කැනීම් සිදුකලද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට යාපනය මහෙස්ත්‍රාත් තුමන් නියෝග කොට සිටියේය.

යුදසමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් රත්‍රන් වලදැමූ බවට සැකකෙරෙන ස්ථන රැසක් උතුරු ප්‍රදේශයේ කැනීම් සිදුකලද මේවන තුරුත් අදාල කැනීම් වලදී කිසිවක් හමු නොවී ඇති බවටද පොලීසිය පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,288 views

2 Comments to “කොටි ත්‍රස්තයින් වලදැමූ රත්‍රන් කැනීම් අවසන්….”

  1. සෙදෝරිස් says:

    ඒවා හොයපල්ලා උගන්ඩාවේ…

    • punnakku.baiya says:

      හැමෝම දන්නවා ඒක. ඒ උනාට බයියො චූන් කරන්ට ඔයවගේ දේකුත් කතනට එපැයි.

Leave a Comment

Main News