කොටි ත්‍රස්තයන් සලිත කළ වීරත්වය.. මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 09යි..

November 26, 2017 at 12:00 pm | lanka C news
කොටි ත්‍රස්තයන් සලිත කළ වීරත්වය.. මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 09යි..

2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය.

කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය.

කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දිගු දුර විහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.

වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.

අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.

ලලිත් ජයසිංහ විරුවා දැයෙන් සමුගනිද්දීත් ආදරණීය බිරිඳගේ කුස තුල සිටි වීර පියාගේ මුහුණ දැකීමට වාසනාව නොලද ඔහුගේ දයාබර දියණිය දැන් අවුරුදු 9 ක සිඟිත්තියකි.

ලලිත් ජයසිංහ පිළිබඳ කෙටි රූපවාහිනී වැඩසටහනක් පහතින් දැක්වේ.

– යටියන ප්‍රදීප් කුමාර

458 views

16 Comments to “කොටි ත්‍රස්තයන් සලිත කළ වීරත්වය.. මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 09යි..”

  1. David Milli-Banda says:

    lalith protect our country from where ever you are.
    A great son of the soil…………………..We Sri Lankans are indebted to you.

    Why not we celebrate this death all over the country ? We must remember this great son.

  2. සුපුන් says:

    අතීතයේ හෙල දෙරණේ නෙක විකුමන් කල,
    අභීත ඒ රණවිරුවෝ යලි ඉපදී ඇත!!!

  3. Lakmal says:

    උදාර ලුම්බිණි විදුහල් මවපේ..
    සදා බැතින් හද නමදිමු සැරදේ..✊✊

  4. Sadda says:

    Guampiyata kahina ungen wedi pirisak, yapanaya koheda ahuwoth danne natni maha apzthayo pirisak.

Main News