කොටි ත‍්‍රස්සතයන් අපේම සහෝදරයන්.. එනිසා යුද සමරු ස්මාරක හදන්න උවමනා නෑ..- මංගල

August 21, 2018 at 12:00 pm | lanka C news
කොටි ත‍්‍රස්සතයන් අපේම සහෝදරයන්.. එනිසා යුද සමරු ස්මාරක හදන්න උවමනා නෑ..- මංගල

පසුගිය සමයේ යුද්ධ කරනු ලැබුවේ සහ විදේශ සතුරන් සමග නොව අපේම රටේ අපේම සහෝදරයන් සමග බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එනිසා යුද්ධය සම්බන්ධයෙන් එහි ස්මාරක සෑදීමේ උවමනාවක් නැති බවද ඒ මහතා සඳහන් කරයි.

උතුරේ යුධ ස්මාරක ඉවත් කරන්නැයි උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් විසින් කරන ලද ප්‍රකාශය අනුමත කරමින් ඇමතිවරයා සඳහන් කරන්නේ ද මහ ඇමතිවරයාට එසේ කීමට අයිතියක් ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

මොකටද ස්මාරක හදන්නේ? යුද්ධ කරේ අපේම සහෝදරයෝ එක්ක

මොකටද ස්මාරක හදන්නේ?ඒවට අපිට වෙලාවක් නෑ.යුද්ධ කරේ අපේම සහෝදරයෝ එක්ක.නැතුව හතුරෝ එක්ක නෙවෙයි.

Gepostet von Neth FM am Montag, 20. August 2018

99 views