කොටි නායකයින්ගේ ප‍්‍රතිමා උතුරේ ඉදිකල යුතුයි.. කොටි සොහොන් බිම් නඩත්තු කල යුතුයි.. වියදම ආණ්ඩුවෙන්..- යාපනය දිසා කමිටුවට යෝජනා කෙරේ…

June 2, 2017 at 10:40 am | lanka C news
කොටි නායකයින්ගේ ප‍්‍රතිමා උතුරේ ඉදිකල යුතුයි.. කොටි සොහොන් බිම් නඩත්තු කල යුතුයි.. වියදම ආණ්ඩුවෙන්..- යාපනය දිසා කමිටුවට යෝජනා කෙරේ…

කොටි මහාවිරු සුසාන භූමි සියල්ල උතුරේ දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් විසින් අලුත්වැඩියා කර නඩත්තු කළ යුතු යෑයි යාපනය දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඉල්ලා ඇත.

එසේම මියගිය කොටි ප්‍රධානියකු වූ තිලීපන්ගේ ස්‌මාරකයද නැවතත් නල්ලූර් කෝවිල අසල ඉදිකරන ලෙස ශ්‍රීධරන් දිසා ලේකම්වරුන්ට උපදෙස්‌ දෙමින් ප්‍රකාශ කර තිබේ.

මෙම රැස්‌වීමට තමිල් අරසු කච්චි පක්‌ෂ නායක මාවයි සේනාධිරාජාද සහභාගි වී ඇත.

මේ අතර රජයේ ආරකෂක අංශ පැවසුවේ කොටි සංවිධානය තහනම් නිසා දිසා ලේකම්වරුන්ට රජයේ මුදල් වැයකර කොටි සුසාන භූමි ඉදිකළ නොහැකි බවයි.

– දිවයින

158 views
Main News