කොටි නායකයෙක් මරා දැම්මේ යයි යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට මරණ දඩුවම නියම කෙරේ..

August 9, 2018 at 10:40 am | lanka C news
කොටි නායකයෙක් මරා දැම්මේ යයි යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට මරණ දඩුවම නියම කෙරේ..

ඊළාම් යුද්ධයේදී කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂ බුද්ධි මෙහෙයුම් රැසක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී හා එහි කෝප‍්‍රල් රාජකරුණා යන අයට ත්‍රිකුණාමලය අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

1998 දී යාපනයේ තිරුනල්වේලිහිදී කොටි බුද්ධි බළකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප තත්ත්වයට පත්වීමෙන් රෝහල්ගත කිරීමෙන් පසු එම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව පැවැති නඩු විභාගයෙන් පසුව මෙම තීන්දුව ලබාදී ඇත.

එම කොටි සාමාජිකයා යාපනයේ ක්ලේමෝ බෝම්බ ඇටවීමේ නිරත වූ ප‍්‍රබල චරිතයක් බවට අනාවරණය වීමෙන් පසු එවකට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අසනීප වීමෙන් පසු රෝහල්ගත කර ඇත්තේ මේජර් රාජමන්ත‍්‍රී හා කෝප‍්‍රල්වරයා විසිනි.

එවකට පැවැති පොලිස් පරීක්ෂණවලදී යාපනය පොලීසිය මගින් මෙම කොටි සාමාජිකයා මරණයට පත්වීම සම්බන්ධව විමර්ශනයේදී ඩික්සන් රාජමන්ත‍්‍රී, රොනී බර්තලමියුස් යන බුද්ධි නිලධාරීන් දෙදෙනා සහ අදාළ කෝප‍්‍රල්වරයා එවකට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබී ඇත.

ඉන්පසුව ඇප මත නිදහස්ව පැමිණි මෙම නිලධාරීන් යළිත් සක‍්‍රිය සේවයට එක්වී ඇති අතර මේ දක්වා නඩු විභාගය ත්‍රිකුණාමලය අධිකරණයේ විභාග වී ඇත.

මරණීය දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී යාපනය අර්ධද්වීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරිවල නිරත වෙමින් කොටි ත‍්‍රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයාගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප‍්‍රකටය.

ඊට අමතරව සිව්වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම සඳහා වැලිඔය සිට ඇරඹි කි‍්‍රයාන්විතයේදී 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප‍්‍රභාකරන්ගේ හදවත ලෙස පැවැති මුලතිව් වන්-ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂ බුද්ධි මෙහෙවරක් කළ නිලධාරියෙකි.

– රිවිර

287 views

12 Comments to “කොටි නායකයෙක් මරා දැම්මේ යයි යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුට මරණ දඩුවම නියම කෙරේ..”

  1. බන්දුල පෙරේරා says:

    ඒ කියන්නෙ අපෙ කාලෙ ඉඳලම අහපු නඩුවක් දැන් තමයි තීන්දුව දීල තියෙන්නෙ. හරි… අපි ඕක යහපාලනේටම කරකවමු මෙන්න රණවිරුවන් දඩයම් කරනවා කියලා.

    • sam says:

      MR’s propaganda is so efficient. Almost all the cases involving Army were like what you exactly said. They were initiated in MR’s time and proceed in the tenure of this govt. Not only Army case, take SIATM! And to make matters easy for MR, the current lot is utterly inefficient!!

    • maraya says:

      ‘This will bring shame on our nation..Our soldiers are not murders they are defenders of our Motherland
      Go to hell Jadapalana traitors ….

  2. යේක අපිලට කනට සාමි යෙකෙක් දෙම්මා වගේ අප්පා. යාපාලන ඔද මුනියා.

  3. Nim says:

    RANA WERUWANI
    MULU MAHATH JANATHAWA TA MA
    JEEWETHA DANAYA LABADUN
    OBALA TA
    LABENA SALAKEEMY MEE
    OBALAGE BERIDA WARU DARUWAN
    DEMAW PIYAN MEWA
    KESEE DARA GANNADA ?

  4. Ganja says:

    2009 DAPU NADUWAK NEDA. DESHAPREMIN THAMAI DALA THIYENNE

  5. LION says:

    President Sirisena ,Prime Minster Ranil ,Please RESIGN & Go home enough is enough
    you both are traitors .We need not want Tamil tiger puppets as our leaders ..
    Shame on you Traitors

  6. SALMAL says:

    STOP RANAVIRU DADAYAMA
    We.. as Sri Lankans.. will never forget the day. May 18th 2009. The time will pass away.. but we will never forget what you heroes have sacrificed behalf of us.. to live in peace of mind.You have shown the entire world your strength, power of love for the nation, dignity & professionalism. . Maj.Rajamanthri you are a great hero …Thank you.Sir ..We salute you Sir .
    Sirisena ,resign and go

    • podda says:

      Yako ubala a kale oya naduwa damme aei….? ochchara adaree nan nadu danne nathuwa enna thibunane..ane mai wage Gon baiyoo ralak…

  7. Vasana says:

    Yahapalana government Why supporting blood thirsty LTTE Tamil Terrorism ?
    Go to hell Yahapalana blady leaders..
    Sirisena & Ranil you both are shame to our Country & our Sinhalese people
    Our Army heroes are not murders they are defenders …why are you doing this ?Is it for tamil votes?

    • sunimal says:

      You should ask this question from Mahinda….Why his government file cases against this heroes…IF he want to protect them he should not do like that..Unfortunately this government get the blame for everything..

Main News