කොටි නායක ප්‍රභාකරන්ටත් ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතුයි..- ෆොන්සේකා [Video]
January 31, 2019 at 10:45 pm | lanka C news![කොටි නායක ප්‍රභාකරන්ටත් ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතුයි..- ෆොන්සේකා [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/fonseka.jpg)
යුද සමයේ හිටපු නාවික හමුදාපතිට හා හිටපු ගුවන් හමුදාපතිට ෆීල්ඞ් මාෂල් තනතුරු දෙන්නට පෙර කොටි නායක වේලූපිල්ලේ ප්රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් තනතුරක් දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට දී ඇති ෆීල්ඞ් මාෂල් ධුර බාලර කිරීමට දකින දකින පුද්ගලයාට එම තනතුර දීම විහිළුවක් වනු ඇති බවත් ඔහු සදහන් කරයි.
යුද සමයේ ගුවන් හමුදාවට තිබුණේ ප්රහාරයක ගුවන් යානා 08ක් පමණක් බවත් එකල නාවුක හමුදාවට තිබුනේ වෙරල සංචාරය කරන යාත්‍රා දෙකක් පමණක් බවත් ඒ සියල්ලම තිබූ ප්රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
අම්බලන්ගොඩ කීර්තිමත් පාසලක් වන ධර්මාශෝක විදුහලෙන් අ පො ස සා පෙළ දක්වා ඉගෙනගෙන පසුව කොළඹ ආනන්ද මහ විදුහලට පැමිණ එම විදුහල් දෙකටම අගෞරව කරමින් කටවාචාලයෙකු ලෙස මෙතරම් පහත් තත්වයකට පත්වේයැයි ඒ උතුම් ගුරැ දෙමාපියන් දෙපල කිසිදිනෙකවත් නොසිතන්නට ඇති.ඒ අහිංසක ගුරැ දෙමාපියන් දෙපල අමතක කරමින් කොළඹ හතේ ඉපදුන වලව්කාරයෙකුගේ ගතිගුණ රටට පෙන්වීමට උත්සහ කලත් කළවැදි ස්වරෑපය නිතරම එලියට පනින නිසා පුදගලයාගේ නියම ස්වරෑපය ජනතාව හොඳින්ම . තේරැම්ගෙනඇත.ඊර්ෂයාව,වෛර්යය,ක්‍රෝධය,අධර්මිෂ්ඨකම,පලිගැනීම,කුහකකම,කළගුණ අමතක කිරීම, වැනි දුර්ජනකමින් පිරි මෙවන් පුද්ගලයෙකු රටකට බිහිනොවේවායි මුළු රටවැසියන්ම ප්‍රාර්ථනා කලයුතුමය
What a Disgusted Son of bitch…………………