කොටි නායක සැමරුමකට බාධා කලැයි යාපනය උණුසුම්.. උපවාස හා විරෝධතා..

September 28, 2020 at 6:20 am | lanka C news

හිටපු කොටි නායකයෙකු වූ ත්‍යාගදීපම් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම් සැමරීමට නොලැබීම හේතුවෙන් යාපනයේ උපවාසයක් හා විරෝධතාවක් 26 දින සංවිධානය කොට තිබුණි.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ශිවම් හින්දු කෝවිල ඉදිරිපිටදී දේශපාලන පක්ෂ නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් උපවසායක් සංවිධානය කොට තිබුණි.

එහිදී උපවාසයේ නිරත වූවන් කියා සිටියේ මිය ගිය ඔනෑම අයෙකු සිහිපත් කිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවටත් උතුරේ දෙමළ ජනතාවගේ අයිතිය වත්මන් ආණ්ඩුව විසින් නැති කොට ඇති බවටත් දිලීපන් ගුණ සැමරුමට එරෙහිව ගෙන ඇති අධිකරණ තහනම් නියෝගය මගින් දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් වහාම සාධාරණීය විසඳුමක් ලබා දෙන ලෙසටත්ය.

එමෙන්ම යාපනය විශ්වවිද්‍යාල භූමියටද එහි සිසුන් පිරිසක් විසින් කලු පැහැති ඇඳුමින් සැරසී පැමිණීමත් සමග සරසවි භූමියට පොලීසිය කැඳවීමත් සමග උණුසුම් තත්වයක් හට ගැනුනි.

පසුව පොලීසිය විසින් පවසා සිටියේ අධිකරණ තහනම් නියෝගය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසටය එහිදී සරසවි සිසුන් විසින් තමන්ට ඕනෑම වර්ණයකින් ඇඳුම් පැළඳ පැමිණීමට හැකි බව පවසමින් යාපනය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි යුද්දෙන් මිය ගිය වැසියන් වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අසලදී ගුණ සැමරුමක් සිද කළ අතර රජය විසින් අධිකරණ තහනම් නියෝගයක් ලබා දීමට එරෙහිව විරෝධතාවයද පල කරන ලදි.

හිටපු කොටි නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තම්බර් මස 26 වනදා මාරාන්තික උපවාසයක් සිදුකොට මිය ගොස් ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,739 views

4 Comments to “කොටි නායක සැමරුමකට බාධා කලැයි යාපනය උණුසුම්.. උපවාස හා විරෝධතා..”

  1. kamal says:

    පොල් මිල ගැන කිව යුතු දෙයක් ඇත
    ඉස්සෙල්ලාම සංඝටක විභේදනයක් මගින් ඒකකයක නැතිනම් ගෙඩියක මිල හොයාගන්න. එය අනුව නියාමනය තිරණය කරන්න. ගෙඩියක මිල සැබැ ලෙසම වැඩිනම් රජය මගින් සුබ සාධනය වශයෙන් නියාමනයේ අයිතිකරුගේ අලාභය දැරිය යුතුය. සෑම අංශයටම ගණකාධිවරු හෝ ඇස්තමේනතුකරුවන්ගෙන් මණ්ඩලයක් හදලා එයට නියාමනයට අවශ්‍ය කරුණු දෙන්න කියන්න.

  2. kamal says:

    ප්‍රභාකරන් ගැන වචනයක් කිය යුතුය.
    මම කියන්නෙ ප්‍රභාකරන් පොන්නයෙක් කියා අහිංසකයන්ට විරුද්ධව අත උස්සන්නෙ පොන්නයො මිට උඹලා වගේම ඉන්දියාවෙන් ආපු කමල් නාරායන.
    Ninga teriyama nane yaru. Ungaluaku kutali elleai singala makkal kutali. Adi yean ungalku teriyama Sinhala makkal nallam aduku teriyam yaruku vanagu niga adi teriyadu. Ni buddha bagavan vanagu elleai. Ninga velinadu nane velinadu sigalam velinadu adu prichchanea elleai. Appa sari elleai ninga yarukku adikka pabakarn nai Buddha bagavan Bikku vangu elleai.
    You know who am i. I am not your friend I am Sinhalese friend. Why that You know Sinhalese are good they know whom to worship You don’t know. You don’t worship Budhha. You from india I am from india Sinhalese from india, that is not a matter. That is not good whom to you attack, pabakaran is a dog because Didn’t worship Buddha and sanga.

  3. MD says:

    අහිංසක දමිළ ජනතාව රවටලා කරන බොරු ෂෝ නවත්තලා ඵ් මිනිසුන්ගේ ඉල්ලීම් ඉටුකර ඵම සතුට සමරන්න.

  4. Baba says:

    දෙමළ නායකයෝ තමයි හැමදාම ජාතිවාදය අව්ස්සන්නේ රටේ එක නීතියකට වැඩ කරන්න මුන්ට උගන්වන්න වෙනවා