කොටි නැගිටිනවා.. බෝම්බ අටවනවා.. ජාතික ආරක්‍ෂාව මහ අනතුරක.. – ආණ්ඩුවේම හෙල උරුමයෙන් නිල නිවේදනයක්..

February 23, 2017 at 4:40 pm | lanka C news
කොටි නැගිටිනවා.. බෝම්බ අටවනවා.. ජාතික ආරක්‍ෂාව මහ අනතුරක.. – ආණ්ඩුවේම හෙල උරුමයෙන් නිල නිවේදනයක්..

මෙරට ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් ඝාතන උත්සාහයෙන් ඔප්පු වන බව ජාතික හෙල උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති මන්දිරය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් ඝාතන තැත.

ඉලංගෙයි තමිල් ආරසුකච්චි පක්ෂයේ යාපන දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිව් දෙනෙකු කිලිනොච්චි දිසා විනිසුරු ඒ.ඒ.ආනන්දරාජන් මහතා විසින් රිමාන්ඞ් භාරයට පත්කර ඇත. පසුගිය ජනවාරි 20දා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණු සැකකරුවන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමකර ඇත.
මෙසේ රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ වාසුදේවන්, ඇම්.නවවේන්දන්, කරාලසිංගම් කුලේන්ද්‍රන් සහ අජන්තන් යන සිව්දෙනාය. මේ 4දෙනාම හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් ය. යුද්ධය අවසානයේ හමුදා භාරයට ගැනීමෙන් පසුව පුනරුත්ථාපනය කෙරුණු මේ සිව්දෙනාට මුදල් එවමින් හා උපදෙස් දෙමින් ඔවුන් මෙහෙයවා ඇත්තේ නෝර්වේ සිට කි‍්‍රයාත්මක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ වත්මන් නිල නායකයා ලෙස පෙනී සිටින නෝර්වේ රටේ රැුකවරණය ලබන පෙරිම්බනායගම් සිවපරම් හෙවත් නෙදියවන්ය. මීට අමතරව ප‍්‍රංශයේ සිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ ප‍්‍රබලයෙකු වන මාරන්, ඔස්ටේ‍්‍රලියාවේ සිටින වෙට්රි සහ මැලේසියාවේ වෙසෙන අමුදන් යන සිව්දෙනා විසිනැයි පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි ත‍්‍රස්තවිමර්ශන කොට්ඨාශය වාර්තා කර ඇත. මාධ්‍ය ද එය වාර්තා කර ඇත.

ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට පැවරී තිබු සිව්දෙනා පසුගිය වර්ෂයේ දෙසැම්බර් 30දාත්, යළි පසුගිය ජනවාරි 13 වනදාත් සුමන්තිරන් මහතා ගමන් කිරීමට නියමිතව තිබු යාපනයේ මාර්ග 2ක ක්ලේමෝ බෝම්බ අටවා ඔහු ඝාතනය කිරීමට සැළසුම් කර තිබු නමුත් එම සැළසුම් කල් තියා හෙළි වීමෙන් හා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මේ පිළිබඳව විමසිල්ලෙන් හා සෝදිසියෙන් සිටීමෙන් මේ ඝාතන සැළසුම් දෙකම ව්‍යර්ථ කිරීමට සමත්වී ඇත. මෙම සැළැස්ම හෙලිවීමෙන් පසු සුමන්තිරන් මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව තර කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩල රැුස්වීමේ දී තීිරණය කර ඇති බවද මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. මෙම ඝාතන තැත ව්‍යාර්ථ කිරීම පිළිබඳව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පළමුවෙන් ස්තුතිවන්ත වෙමු. ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්තී‍්‍රවරයෙකු ඝාතනය කිරීමට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සම්බන්ධ කරගෙන නෝර්වේහි රැුකවරණ ලබන පෙරිම්බනායගම් සිවපරම් හෙවත් නෙදියවන් උත්සාහ දරා ඇතිබව මෙම තොරතුරුවලින් තහවුරු වන බැවින් එය සුමන්තිරන් මන්තී‍්‍රවරයාට පමණක් නොව රටේ ජාතික ආරක්ෂාවට ද බරපතල තර්ජනයකි.

ප‍්‍රචන්ඩත්වය හා ත‍්‍රස්තවාදය පිළිබඳ විශ්වාසය නොතබන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සුමන්තිරන් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමට තැත් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මිනිස් නිදහසට හා ජිවත්වීමේ අයිතියට ද එල්ල කරන ලද තර්ජනයකි.

යුද්ධය නිමාවීමෙන් පසු විදේශගත වී සිටින එල්.ටී.ටී.ඊ.සන්නද්ධ හා බුද්ධි නායකයින් ත‍්‍රස්තවාදි කි‍්‍රයා හරහා නැවත ප‍්‍රතිසංවිධානය වීමටත්, සන්නද්ධ කි‍්‍රයාකාරකම් වලට යොමුවෙමින් තිබෙන බවටත් මෙය පැහැදිලි සාක්‍ෂියකි.

එල්.ටී.ටී.ඊය ප‍්‍රධාන වශයෙන් ප‍්‍රංශය, නෝර්වේ, බි‍්‍රතාන්‍ය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, දකුණු අපි‍්‍රකාව හා මැලේසියාව යන රටවල සිට කි‍්‍රයාත්මක වී සිටින බව ආරක්ෂක අංශ විසින් මාධ්‍ය හරහා විටින් විට තොරතුරු වාර්තා කර ඇත. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් එල්.ටී.ටී.ඊ. කි‍්‍රයාකාරකම් පවතින අතර අරමුදල් රැස්කිරීම්, වැඩමුඵ, සම්මන්ත‍්‍රණ, එල්.ටී.ටී.ඊ. මහවීර සැමරුම් වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර ඒවායේ වර්ධනයක් ද පෙන්නුම්කර ඇත.

එමෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ආවර්ණ හා පෙරමුණ සංවිධානවල කි‍්‍රයාකාරිත්වය දේශීය හා විදේශීය වශයෙන් ඉහළ ගොස් ඇති බව නිල හා නොනිල තොරතුරු මගින් තහවුරු වී ඇත. එබැවින් සුමන්තිරන් මන්තී‍්‍රවරයාගේ ඝාතන ප‍්‍රයන්ත තුළින් පෙන්නුම් කරන්නේ ප‍්‍රචන්ඩත්වය හා ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් මත එල්.ටී.ටී.ඊ. සංවිධානය තවමත් විශ්වාසය තබා ඇති බවයි. නිරන්තරයෙන් උතුරු පළාතෙන් අසන්නට ලැබෙන දෙමළ දේශපාලඥයින්ගේ ජාතිවාදී, බෙදුම්වාදී වෛරී ප‍්‍රකාශත් සිංහල බෞද්ධ විරෝධි ප‍්‍රකාශත් රටේ සාමයට, සංහිඳියාවට සහ ජාතික ආරක්ෂාවටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපැවැත්මටත් හිතකර නොවන බව මේ පිළිබඳව ඉතාම සංවේදීව කල්පනා කරන දේශපාලන සංවිධානයක් ලෙස අපගේ හැගීමයි.

එබැවින් මෙම තත්ත්වය පිළිබඳව බැරැම්ව කල්පනා කොට අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ඉල්ලා සිටින අතර සුමන්තිරම් මන්තී‍්‍රවරයා ඝාතනය කිරීමට සැළසුම් කළ නෝර්වේ රටේ පදිංචිව සිටින පෙරිම්බනායගම් සිවපරම් හෙවත් නෙදියවන් ශී‍්‍ර ලංකාවට භාරදෙන ලෙස නෝර්වේ රාජ්‍යයෙන් රාජ්‍ය තාන්ති‍්‍රකව ඉල්ලා සිටීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටින අතර එය රටේ ජාතික ආරක්ෂාවට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස වෙනුවෙන් ගතයුතු ඉක්මන් පියවරක් බව ද අපගේ වැටහීමයි.

ස්තුතියි.
හැඩිගල්ලේ විමලසාර හිමි
සම සභාපති

25 views

12 Comments to “කොටි නැගිටිනවා.. බෝම්බ අටවනවා.. ජාතික ආරක්‍ෂාව මහ අනතුරක.. – ආණ්ඩුවේම හෙල උරුමයෙන් නිල නිවේදනයක්..”

  1. singha says:

    08ට පාස් මැට්ටෙකුට මුදල් සහ බලය ලැබුනහම නීතියක්,ජාතියක්,ජම්මයක් ඌට
    තේරෙයිද?විනිසුරුවරුන්,නීතිවේදීහු මොහුට ලිපි ලිවීමත් ඉමහත් විහිලුවකි මෝඩයෙක ඉදිරියේ වියතුන්,බුද්ධිමතුන් දන නමනා ලොව එකම රට ලංකාවයි.මහජන ඡන්දය යනු
    කුමක්ද? යන්නවත් මොහුට නොතේරෙයි.මොහු තවෙකෙකු
    විසින් මැටියෙන් තැනූ සිතුවමකි.නියම සිංහළයින් නම්
    මොහුට ජනපති කියා කියන්න එපා. මොකද එයත් සාඩම්බර
    අපේ සිංහළ ජාතියට කරනා ද්රෝහී ක්රියාවක් යැය මාගේ හැඟීමයි
    නියම සිංහළයිනි තම දරුවන්ටත් මොහුට ජනපති කියා කියන්න
    දෙන්න එපා.ගැලපෙන එකම නම හීන් බබා සීයයි.ඒ තරමටම මොහු මෝඩයෙකි.මොහුට හොද හඩක් සහ
    ඒකාකාරී වචන මාලාවක් ඇත.මොලයක් නැත.මුදල්ඇත,අපේ කමක් නැත. නිවටකමක් ඇත.කවට රජෙක් ඇත .රට එකම තැන පල්ව ඇත.
    තවද මොහුට ලක්ශ,කෝටි වශයෙන් මිස මිලියන,බිලියන යන වචනවල තේරුමවත් මොහු නොදනී.රටේ බුද්ධිමතුන් මේ මැට්ටාට අතිගරු කියා කීමට ඔවුන් මොනතරම් පවක් කරලා ඇත්ද?

  2. Nawoda says:

    Ekane kattiyata ona une.

Main News