කොටි නැගිටුවන විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති මතය කියයි… ව්‍යවස්ථාව උල්ලංඝණය කල බවක් කියා නෑ..
August 21, 2018 at 10:00 am | lanka C news
විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනී යාපනයේ පැවති උත්සවයක් අමතමිනි කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ස්ථාවරය පැහැදිලිව දැනුම් දෙන ලෙස කතානායකවරයා විසින් නීතිපතිට නැවත වතාවක් දැනුම් දීමට තීරණය කර තිබේ.
එම ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති ද යන්න තමනට පැහැදිලිව දන්වන්න කතානායකවරයා ඉල්ලා සිටීමට යයි.
අදාළ ප්‍රකාශය ගැන මතය සඳහන් කරමින් නීතිපති විසින් එවා ඇති ලිපියේ ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත් ද යන්න නිශ්චිතව සඳහන් නොවන නිසා ඒ ගැන නැවත පැහැදිලිව දැක්වීමට කතානායකවරයා තීරණය කර තිබේ.
අදාළ ලිපියෙන් නීතිපතිවරයා දන්වා ඇත්තේ විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසයි.