කොටි නිලඇඳුම්, කොටි කොඩියක් සහ බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හීදි කොටුවෙයි…
June 22, 2018 at 10:40 am | lanka C news
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී ඊයේ (21) රාත්රියේ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් ත්රී රෝද රථයකින් ප්රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය කියා සිටියේය.
ඔඩ්ඩුසුඩාන් පේරාරු මන්සන්ධිය ප්රදේශයේදී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ රාත්රියේ මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි ත්රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්රී රෝද රථය නොනවත්වා ධාවනය කොට ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාල ත්රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේදී එහි සිටි එක් අයෙකු පලා ගොස් ඇති අතර ත්රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
පසුව අදාල ත්රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බොම්බයක් , අත්බොම්බ තොගයක් ඇතුලු යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්රී රෝද රථයේ සිට පලා ගිය සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා ප්රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අළුයම සිට පුලුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Kotinta kiri powanawa…ballo denna…Vigneswaran kiyanne lokuma kotiya..oka hadanne army eka ain karanna..nikamma eelama dennai yanne parayo denna
We need a strong Leader who is capable of taking decisions in the best interest of the Country and all the Citizens and not bend down to every Dick, Tom and Harry.