කොටි නිලඇඳුම්, කොටි කොඩියක් සහ බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හීදි කොටුවෙයි…

June 22, 2018 at 10:40 am | lanka C news
කොටි නිලඇඳුම්, කොටි කොඩියක් සහ බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හීදි කොටුවෙයි…

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය කියා සිටියේය.

ඔඩ්ඩුසුඩාන් පේරාරු මන්සන්ධිය ප්‍රදේශයේදී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කොට ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාල ත්‍රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේදී එහි සිටි එක් අයෙකු පලා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

පසුව අදාල ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බොම්බයක් , අත්බොම්බ තොගයක් ඇතුලු  යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්‍රී රෝද රථයේ සිට පලා ගිය සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අළුයම සිට පුලුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

165 views

14 Comments to “කොටි නිලඇඳුම්, කොටි කොඩියක් සහ බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හීදි කොටුවෙයි…”

  1. Saman says:

    Hurerrrrrrr niyamayi deepan sinhala evunta kudevenna. …

    • Alapaluwa says:

      හරියටම හරි වෙන්න ඕනේ ඔයවිදියටම තමයි. ඇයි ඕකනේ අපේ ආප්ප කෑ සරළ සිරාටත් බටලන්දේ මහරජුටත් ලක්දිවයිනට කරන්න අවශ්‍ය වන්නේ. මුන්තමයි එදා එක්නැළිගොඩලාගෙන් පැවති එන අය.

  2. john the baptice says:

    ආප්පයගේ වෙනස සැපද ලක්ෂ 62කෙන් අහන්නේ?

  3. gamarala says:

    2020 අනිවාර්යෙන් ගොටාබය තුමා ජනාදිපති කරවා මේ මිනීමරු කොටින් වනසා දමා රට රැකගමු

  4. Love nature says:

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  5. Saradiel says:

    2020 ජනාදිපති ගොටාබය ජය පතමු

    තිස්ස රජුන් හට රුහුණේ
    එඩිතර කුමරෙකු ලැබුණේ
    ඉන් පසු සිරි ලක් දෙරණේ
    ජාතික බැති මල් පිපුණේ

  6. silva says:

    rajithage lamai tika neda me

  7. Konda aasia says:

    රටෙම අවදානය වෙනතකට යොමු කරමින් රජය මගින් කටයුතු කරමින් ඈත
    1) හිමි නමකට සිර දඩුවම් ලබ දී බහුතරයකගේ අවදනය වෙනතකට යොමු කෙරිම.
    2) කොටි නිල අදුම් සහ අවි ආයුධ හසුවීම සහ ලුහු බෑදමින් යන පොලිස් නිලධාරින්ට සෑක කරුවකු අල්ලා ගනිමට නොහෙකි වීම.

  8. denzil says:

    Appayata chanda depu kalaguna nodanna pahara hatta lagadema kote bombagahanwa .

  9. Nim says:

    ” MAGE DARMADEEPAYA NAWATHA
    LE WALIN THATH NOWEWA “

  10. daminda says:

    rajayae aataka-naataka……………….

Main News