කොටි පරදා ලොවම මවිත කල රණවිරුවන් අද කොරෝනා සටනනද ජය අරන්..

May 18, 2020 at 12:40 pm | lanka C news
කොටි පරදා ලොවම මවිත කල රණවිරුවන් අද කොරෝනා සටනනද ජය අරන්..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය අපි මැයි 19 වන දා සමරන්නෙමු. එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත. දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලනඥයින් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ නැත. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවතත් තහවුරු වී ඇත.

කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මුළු ලෝකයම මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද කොවිඩ්-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශත් සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටි. මේ අවස්ථාවේ සියලුම කරුණු වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බවයි. මහජනතාව අතර රෝගය පැතිරීම වැලැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිදුකරන පෙරමුණු බළඇණි කාර්යභාරය, කොවිඩ්-19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වලට අතිමහත් පිටිවහලක් වූ බව අවිවාදාත්මකය.

මෙයින් නැවත වතාවක් තහවුරුවන කාරණය වන්නේ ත්‍රස්තවාදයක්, ගංවතුරක්, හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බවයි. මේ නිසා, අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ඨ උත්සාහය මම හෙලා දකිමි. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියකු පත් කළහොත් එය ‘මිලිටරිකරණයක්’ හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවේ. එදා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්වී සිටි. එමනිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරණු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැක දීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඓතිහාසිකව කර තිබෙන කාර්යභාරයත් අපි මෙහිදී සිහිපත් කළ යුතුය. මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නැත. ඒ අගතියට පත් සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන බවට අපි නැවතත් ප්‍රතිඥා දෙමු.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

15,097 Viewers

26 Comments to “කොටි පරදා ලොවම මවිත කල රණවිරුවන් අද කොරෝනා සටනනද ජය අරන්..”

  1. දින 07 කින් සියල්ලම අමතක කරන එකම ජාතිය සිංහල ජාතිය. අද මේ ලංකාවේ ජිවත්වන සමස්ථ ජනතාව බලහත්කාරයෙන් අමතක කරලා ලැබිච්ච නිදහස ගැන සහ ගරු මහින්ද මැතිතුමාගේ පාලනය යටතේ මේ මව්බිම බේරාගත් බව.

    • වැඩ බැරි ටාසන් බයිය says:

      බූ හ්.. බූ හ්.. බූ හ්.. who let the dogs out..බූ හ්..බූ හ්..// 🐕 🐕
      දැන් තාලෙට කියන්න බලන්න

    • Atta says:

      Ai e wele hitapu hamudapathiwa chande illuwa nisa hire dapu eka….

      • ගොන් හරකෝ එ යකා මුලු හමුදාවම සුදු කොඩ් කතාව කියලා පාවලා දුන්නා මතක නැද්ද. එකනේ තොපේ හමුදාපති කළවැද්දෙක් වුනේ.

        • තොගේ අප්ප නම් says:

          හමුදාපති කලවැද්දා නම් , ඊටත් උඩින් හිටපු ආරක්ෂක ලේකම් මොකෙක් වගේ වෙන්න ඕනද ? 😆😆

      • MD says:

        KALAWADDA ekko hirayata nathnam kalayata.Tamange hamudawa Jatiyantarayata Sudu kodi katha kiyamin Pawadunna Matakada?Tamanwa ihalata gattha minihage Putuwa ganna yanawanam kawuruth iwasanne nahane.

  2. ගරු මහින්ද මැතිතුමණි අද අපි දෙනෙත් විවරකර දෙපයින් පිය නගන්නේ ඔබගේ නායකත්වය මත බේරාගත් මවිබිම මතය.

    • Hudson says:

      Please mention only about real heroes not those corrupt politikkas. it makes me sick

      • Piyal says:

        @Hudson,
        Stop talking nonsense. This is about the war we fought and won in 2009 against brutal, barbaric terrorists. MR was the true leader who gave political leadership during the war. There were so many other factors that supported the war victory, but be mindful MR was the one who picked right people for war including GR. Also, he is the one approved and appointed SF and other right military commanders to DO THEIR JOB. Remember, we had Army Commanders like General Kobbekaduwa who could not do much to finish the war due to political leadership’s pulling leg. So, please give some respect to the leader who gave freedom to all Sri Lankans’ including you Hudson.

      • Rohan says:

        Hudson we Cant help your sick mind. As Piyal mentioned, we should give due respect to due the political leadership

  3. දුෂඨ මායිවන් මත නොසැලී අද දක්වා මේ දෙරණ රැක දුන් අගමැතිතුමනී ඔබට දීර්ඝායුස පතමි.

  4. Chinthana says:

    Just to recap the past. We can remember President Mahinda Rajapacksha.The way he handles to eliminate terrorism from our mother land. During the war everyone keep quite. After settle down so many people (eg Sarath Ranil, Sirisena) demand the baby & the ownership of that baby. People forgot everything in a short period of time and went & believed on romous. What happens….. people had to suffer lots. Similarly, whatever solutions introduce and implemented to eliminates present Virus and safe people in our mother land those who our people (eg Harin, Sujeewa) would forget them very soon. Because our people forgot the native language and spiritual philosophy of Buddha Dharma. Hopefully president Gotabaya Rajapacksha would be able reconcile this scenario and step forward to a sustainable growth in Sri Lankan economy. If you are a real follower of Dharma then you know and understand and questioned from yourself how you are breathing, how do you save your life to see the world. Unfortunately, 80% of Sri Lankan adults are totally dependents. They do not have self-confidence to reconcile the god & bad separately. Even in the higher rank officers working in private & public sector. Because their knowledge of Dharma is very poor.

  5. නිර්මල සිංහල ඡන්ද 69 ලක්ෂයක මනාපයෙන් මේ බිම නැවත් එළිය කරන්නට ඔබතුමාලට වරම් ලබා දී අැත. මුල අමතක අමන ජාතිය ගැන කුමන කථාද.

  6. Winner says:

    එදා ජාත්‍යන්ත කුමන්තරන හසුවේ නොසැලි එඩිතරව රට රැක ගත් ඔබට ජේසු පිහිටයි

  7. Janaka says:

    ඔබතුමා මෙන්ම එවකට හිටපු අාරක්ෂක ලේකම් වර්තමාණ ජනාධිපතිතුමා සහ සමස්ථ හමුදාව, පොලිසිය, සිවිල් අාරක්ෂක බලඅැණි නැත්නම් අද ශුි ලාංකිකයන් කොටි කාලකන්නින්ගේ යටත් විජිතයක් බවට පත්වී අැත. මුල අමතක ජාතියක් තිබේනම් එ ලාංකික ජාතිය. පටු දේශපාලනික බල ලෝභින් ඔබට සහ වර්තමාන ජනාධිපතිතුමන්ට කරන අපහාස උපහාද මැද රට ඉදිරියට ගෙන යන ඔබතුමාන්ලාට අපි සදා ණය ගැතියි. දළදා සමිදු පිහිටයි.

    • pohottu says:

      SF nathnam oya bayagOthala ekekwath ada na.

      • එතකොට අහසින් මුහුදෙන් පුහාර එල්ල කලේ pohottuwo තොගේ අච්චියි සීයයි ද ?. අනික දිනු දේශයේ විරුවන් සුදු කොඩි කතාව කියලා විදුලි පුටුවට දක්කන්න හැදුවේ තොපිලගේ කලවැද්දා තමයි. තොපිලට මතකය නහය ලගනේ තියෙන්නෙ.

        • අනෙ ගොනෝ says:

          නෑ නෑ ඒ ඔක්කොම කලේ තොගෙ ආච්චියි සීයයි.😁

  8. Kabaraya says:

    Koti Paradduw Thama ..Habai Rata Thwath Pallame

    • ඔබ හරි Kabaraya සහරාන් පල්ලිවලට ගහන්න සැරසුන එකත් එවකට සිටි වීරයෝ නතර කලානේ. නැත්නම් අහිංසක ජීවිත කීයක් නැති වෙනවද දෙයියෝ. අනික ගිය රජය කාලේ මහා බැංකු මුදල් වලින් ගත්ත ෆොක්ස්වැගන් එකෙන් තමයි නොතෙමි office යන්නේ. අම්මපා ඔව්.

  9. Pork says:

    කස පුපුරන හඩ ලගම ඇසෙන විට …..මැකෝ තුමා බලන් ඉන්නවා …..කොවිඩ් ඉවරබව මෙහෙම කියනකොට …..චන්දය එන බව පවසනවා ..

    • තුන්මුල්ලේ කොමොඩ් says:

      කුලියට කහින බයි හඬ ලගම ඇසෙන විට …..මැකෝ තුමා බලන් ඉන්නවා …..කොවිඩ් ඉවරබව රජය කියනකොට …..චන්දය එන බව බයියෝ හිතනවා…ඡන්දය කල් යන බව මැකෝ කියනවිට ….බොක්ක කොර වෙලා නහර පිපිරිලා බයියෝ මැරෙනවා..//

      ඔබට සතුටුයි ද බයියනේ..

  10. jinee says:

    shaaaa,maru,anna ehema thami inna ona

  11. අල්ලපු ගෙදර තිනන් says:

    රට රැකගත් සියලු විරුවන්ට ජාතියේ ප්‍රණාමය.

  12. අල්ලපු ගෙදර තිනන් says:

    රට රකින්න උරදුන් රණ විරුවන් රවටාගෙන තමන්ගේ පටු බංකොලොත් දේශපාලන සිහින සාක්ෂාත් කරන්නට උත්සාහ කරන සීනුව අද 3%ට වැටිලා දිට්ඨධම්මවේදනීය කර්මය පළදීලා.

Leave a Comment

Main News