කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සැමරේ…

August 18, 2020 at 12:40 pm | lanka C news
කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සැමරේ…

1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාව  අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

යාපනයේ පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබුනේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උඵදෙස් පරිදිය.

යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් එස්.බාලචන්ද්‍රන් මහතා සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉදිරි නඩත්තු පෙදෙස භාර ආඥාපති මේජර් ජෙනරල් ලක්මන් ප්‍රනාන්දු යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අනුස්මරණ සැමරුම සංවිධානය කොට තිබුණි.

මෙහිදී මිය ගිය වීරෝධාර ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිපත් කරිමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූ අතර මිය ගිය අය වෙනුවෙන් සාම්ප්‍රදායික බියුගල් වාදනයක්ද පැවත්වුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,104 views

9 Comments to “කොටි ප්‍රහාරවලිවන් මිය ගිය ඉන්දීය සාම සාදක හමුදාව යාපනයේදී සැමරේ…”

  1. Dikman Aiyya says:

    ….Awww,…very good initiative and a strategic move,…Vignesh,….eat that…

    • ටකටම් says:

      උන් අපිට පළාත් සභා පටවලා ගියා. දැන්වත් එකෙන් ගැලවෙන්න බලමු. දුන්නු 2/3 ජනවරමෙන් රටට හිතැති ව්‍යවස්ථාවක් ගෙන පළාත් සභා උගුලෙන් ගැලවෙමු.

  2. ප්ලැකනිල් බයියා says:

    ඒක මරු. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියලම කපනවා කියන්නෙ ඕකට තමයි.

  3. සිංහල බන්ඩා says:

    ඉන්දියානු මහ කොමසාරිස් ප්‍රධාන ආරාධිතයා විය යුතුව තිබුනෙ

  4. Sajith says:

    very good
    International politics
    Good thinking by new F secretary

  5. Sajith says:

    Good move

  6. SALMAL says:

    විග්නේශ්වරන් ඇතුළු LTTE ත්‍රස්තවාදීන්ට කඩේ යන නරුම දෙමළ දේශපාලකයින්ට කනේ පහරක් …
    LTTE terrorism is a significant threat to peace and security, prosperity and people in our Motherland

  7. sepalika says:

    කුරුණෑගල නගරාධිපතිගේ නඩු වියදම් සඳහා මහජන මුදලින් ලක්ෂ 22ක් ගෙවීමට සම්මත කරගනී !

  8. MD says:

    අහිංසක දමිළ තරුණ පරපුර රවටලා පන පිටින් දමිළ,සිංහල,මුස්ලිම් ජනයා මරාදාපු LTTE ත්‍රස්තවාදීන් සමරණ ඔය උතුරට මිනිස්සුන්ගේ ජීවිත බේරා ගත් හමුදාව අනිවාර්යෙන්ම සැමරිය යුතුයි.