කොටි පාලනය ඉතා හොදයි.. ආරක්‍ෂාව ඉතා ඉහලයි.. දැන් පාලනය අන්තිමයි.. – ඇමතිනී විජයකලා.. [Video]

October 10, 2016 at 10:00 am | lanka C news
කොටි පාලනය ඉතා හොදයි.. ආරක්‍ෂාව ඉතා ඉහලයි.. දැන් පාලනය අන්තිමයි.. – ඇමතිනී විජයකලා.. [Video]

කොටි සංවිධානය විසින් පාලනය කරන සමයේ උතුරේ ජනතාවට ආරක්‍ෂාව සම්බනදයෙන් කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැතැයි ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

කොටි සංවිධානය විසින් ඉතා හොදට පාලනය කල බවද පවසන ඇය පැවති ආණ්ඩු හා වත්මන් ආණ්ඩුවල පාලනය ඇත්තේ ඉතා දුර්වල තත්වයෙන් යයිද සදහන් කරයි.

ඇය මේ අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ වැටසටහනට එක්වෙමිනි.

කොටි සංවිධානය බලහත්කාරයෙන් ලමුන් හා කාන්තාවන් බදවාගත්තේ යයි එල්ල වන චෝදනා බැහැර කරන ඇය එහිදී සිදුවූයේ කැමැත්තෙන් බැදුනු අය ක‍්‍රියාකාරකම් සදහා යොදවා ගැනීම පමණක් බවද කියා සිටියාය.

237 views