කොටි පුෂ්පයේ ලාංඡනය විග්නේශ්වරන් පළඳියි.. ඉන්දියාවේ ප්‍රභල සංවිධානයක සහාය..
November 15, 2018 at 2:02 am | lanka C news
ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානයේ නායකයා වූ තොල් තිරුමාවලවන් නැමත්තා විසින් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයාගේ ඉදිරි දේශපාලන ව්‍යාපාර කටයුතු සඳහා සුභ පතමින් සහය දැක්වීමට ඉන්දියාවේ ඉනිද්යාවේ විමුක්ති දිවියා සංවිධානයේ නායක නීතිඥ තොල් තිරුමාවලවන් මහතා යාපනයේ සංචාරයක නිරත වූහ.
විමක්ති දිවියා සංවිධානයේ නායකයාගේ යාපනය සංචාරය අතරතුර යාපනය කිට්ටු පාක් උද්‍යානයේ වාර්ෂික පැල ප්‍රදර්ශන වැඩසටහනකට සහභාගී වූ අතර මෙම රුක් රෝපණ වැඩසටහනේ විශේෂත්වය වූවේ වැඩසටහනට සහභාගී වූ උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා තොල් තිරුමාවලවන් මහතා ඇතුලු සියලු ආරාධිත අමුත්තන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය ලෙස සැලකුනු නියගලා මලෙහි ලාංඡනයද පැළඳ සහභාගී වීමය.
පැල ප්‍රදර්ශනයට සහභාගී වෙමින් විමුක්ති දිවියා සංවිධානයේ නායකයා වූ නීතිඥ තොල් තිරුමාවලවන් කියා සිටියේ උතුරු දේශපාලන නායකයින් පක්ෂ වශයෙන් බෙදුනද ජනතාවට බලපාන්නාවූ පොදු ප්‍රශ්නයකදී සියලුම අපෙක්ෂකයින් එක්ව කටයුතු කළ යුතු බවටත් ශ්‍රීලංකාවේ වතමන් දේශපාලන වාතාවරනය පිළිගත නොහැකි බැවින් ඉන්දීය ජනතාව ඒ දෙස බලා සිටින බවටයි.
එහිදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ
‘තිරුමාවලවන් මහතාගේ පක්ෂයේ නම අසන විට යම් බියක් දැනුනද නායකයා යහපත් බව පෙනී යනවා ඉදිරි සියලු මැතිවරනයන්හීදි තම පක්ෂය වූ ටී.එම්.කේ පක්ෂය සමගින් උතුරු පලාතේ දිස්ත්‍රීක්ක පහම ආවරනය වන පරිදි අපෙක්ෂකයින් ඉදිරිපත් කොට තරග කිරීමට සූදානම් වන බවත් මේ වන විට තමාද පැලයක් වූ ටී.එම්.කේ. නැමති පක්ෂ පැලෑටිය පැල කොට ඇති හෙයින් එය පෝෂණය කිරීම ජනතාව සතු කාර්යක් බවටත්ය.
පැල ප්‍රදර්ශනය විවෘත්ත කිරීමේ අවස්ථාවට තවත් උතුරු පලාත් හිටපු මන්ත්‍රීවරුන් වන වින්දන් කනගරත්නම් මහතා පී.අයිනකරනේශන් ඇතුලු පිරිසක්ද සහභාගී වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය ලෙස සැලකුනු නියගලා මලෙහි ලාංඡනය ලංකාවේ කිසිම ස්ථානයක් ලාංජනයක් ලෙස යොදා ගැනීම තහනම් කරන මෙන් ලක් රජයෙන් ඉල්ලමු …LTTE ත්රස්තවාදයට නැවත පන දීමට තැත් කරන සෑම පුද්ගලයෙක්ම අත්අඩංගුවට ගත යුතුයි
ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානයේ සාමාජිකයින්ට ලංකාවට ඒමට විසා නොදිය යුතුයි
මොවුන් අපේ රටට පැමිණිය හොත් වහාම අත් අඩංගුවට ගත යුතුයි