කොටි පුහුණු කඳවුරක්.. අවි ගබඩාවක්.. බෝම්බ ඇතුලු යුද උකරණ රැසක් සෙයා ගනී.

July 19, 2018 at 12:00 pm | lanka C news
කොටි පුහුණු කඳවුරක්.. අවි ගබඩාවක්.. බෝම්බ ඇතුලු යුද උකරණ රැසක් සෙයා ගනී.

මුලතිව් සුදන්දිර පුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කරන ලද කැනීම් වලදී බබා මෝටාර් නැමති විශාල උණ්ඩ දෙකක් සමග යුද උපකරණ තොගය මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන්පිරිසක් විසින් ගොඩ ගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් පුහුණු කොටි කඳවුරක් එම ස්ථානයේදී පවත්වාගෙන ගොස් ඇති බවට යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අදාල ස්ථානයේ අද කැනීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.

මෙසේ හමු වූ යුද උපකරණ අතර කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බබා මෝටාර් යනුවෙන් හැඳින්වෙන මිලිමීටර් 81 සහ මිලිමීටර් 73 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි, ආර්.පී.ජී,උන්ඩ එකයි, ටී.එන්.ටී. ස්ලැබ් එකයි, ටී.එන්.ටී. පෙට්ටියක්, මිලිමීටර් 73,81,122,85, වර්ගයේ මෝටාර් ෆියුස් එක බැගින්, එන්.ආර්.07 වර්ගයේ අත් බෝම්බයක්, ආර්.පී.ජී. උණ්ඩයක කොටස්, හඳුනා නොගත් අත්බෝම්බයක්, වර්ගයක් හඳුනානොගත් දුම් බෝම්බයක්, පැරා බෝම්බ කොටස් ඇතුලු යුද උපකරණ රැසක් හමු වී ඇත.

ඊයේ සවස සිදු කරණ ලද කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර අද (19) දිනයේ සිට නැවත එහි කැනීම් කටයුතු ආරම්භ කිරීමට මුලතිව් හා නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

සුදන්දිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට පහර දීම සඳහා අවි ගබඩාවක්ද පවත්වාගෙන ගොස් ඇති අබවට සැකයක් පවතින අතරම ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ පලා ගිය කොටි සාමාජිකයින් අදාල ස්ථානයේ ආයුද වලදමා යන්නට ඇති බවටද නාවික හමුදා නිලධාරීන් සැක පල කර සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35 views

2 Comments to “කොටි පුහුණු කඳවුරක්.. අවි ගබඩාවක්.. බෝම්බ ඇතුලු යුද උකරණ රැසක් සෙයා ගනී.”

  1. LION says:

    සම්පුර්ණයෙන් හමුදාවට බාර දී උතුරු පළාත තහනම් ප්‍රදේශයක් බවට පත්කළ යුතුය

  2. මාර ආයුධ තොගයක්නෙ හම්බෙලා තියෙන්නෙ.

Main News