කොටි බංකරයක වලදමා තිබූ බෝම්බ හා ගිනි අවි ගොඩ ගනියි…
November 25, 2017 at 5:30 pm | lanka C news
මුලතිව් උදයාර්කට්ටු කුරුවිල් කැලෑවේ පැරණි එල්.ටී.ටී.ඊ බංකරයක වල දමා තිබූ යුද උපකරණ තොගයක් මුලතිව් මහෙස්ත්රාත් අධිකරණ නියෝගයක් යටතේ අද (25) දින විනාශ කිරීමට පුදුකුඩිඉරිප්ප්ු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් කොටි යුද උපකරණ වලදමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන ඇත.
අදාල ස්ථානයේ වලදමා තිබූ පෝපලිං චාජර් 4ක්, එම්.පී.එම්.ජී. බැරල් 3ක්, ටී.56 ගිනි අවි කඳන් 02ක්, පුද්ගල නාශක පීඩන බෝම්බ 24 ක්, අත් බෝම්බ 02 ක්, කොටි සාමාජිකයින් පලඳන ලද වෙඩි නොවදන ආවාරණ තොගයක්, ෆූචස් 04ක් , බෙල්ට්02ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩයක් මෙසේ සොයාගත් යුද උපකරණ අතර වෙයි.
යුද සමයේදී ආරක්ෂක අංශ ප්රහාර හමුවේ මෙම යුද උපකරණ තොගය වලදමා කොටි සාමාජිකයින් පලා යන්නට ඇති බවටත් අදාල යුද උපකරණ හමුවන විටත් දිරාපත්ව තිබුනු බවටත් ආරක්ෂක අංශ කියා සිටියේය.
අදාල යුද උපකරණ තොගය සමබන්ධයෙන් මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් පසුව පුදුකුඉරිප්පු පොලිස් ස්ථානාධිපති ඩී.එම්. චන්ද්රපාල මහතා වෙතට නියෝග කොට ඇත්තේ අදාල යුද උපකරණ විනාශ කිරීමට පියවර ගන්නා ලෙසටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ