කොටි බෝම්බ තොගයක් වව්නියාවේ ගෙවත්තකින් හමුවෙයි…
September 14, 2017 at 2:19 am | lanka C news
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද අත්බොම්බ තොගයක් වව්නියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියෙකුගේ ගෙවත්තක වලදමා තිබියදී සොයාගත් බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
අදාල වැසිය වසර ගණනාවකට පසුව සිය ගෙවත්ත එලි පෙහෙලි කරමින් සිටියදී වලදමා තිබූ අදාල බෝම්බ තොගය දැක ඒ බව වව්නියාව පොලීෂයට දැනුම් දී ඇත.
පසුව වව්නියාව පොලීසිය එම් ස්ථානයට ගොස් සිදු කරන ලද සොදිසි කිරීම් වලින් පසුව පොලිතීන් කවර වල දමන ලද අත්බොම්බ තුනක් හමු වී ඇති අතර එම අත්බොම්මබ දැඩි සේ දිරාපතිව තිබූ අතර යුද සමයෙදී කොටි සංවිධානය විසින් අදාල ස්ථානයේ මෙම අත්බොම්බ තොගය වලදමන්නට ඇති බවට පොලීසිය සැක පලකරයි.
කෙසේ වෙතත් හමු වූ අත් බෝම්බ තොගය පිළිබව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට දැනුම් දී වව්නියාව අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ