කොටි මහවිරු ප‍්‍රධාන සැමරුම කිලිනොච්චිය කොටි සොහොනේදී.. මන්ත‍්‍රීන් සමග විශාල ජනතාවක්ද එති..

November 28, 2017 at 12:40 pm | lanka C news
කොටි මහවිරු ප‍්‍රධාන සැමරුම කිලිනොච්චිය කොටි සොහොනේදී.. මන්ත‍්‍රීන් සමග විශාල ජනතාවක්ද එති..

නොවැම්බර් 27 වනදාට යෙදුනු මහවිරු සැමරුම උතුරේ සෑම දිස්ත්‍රීක්කයකම පැවත්වුනු අතර ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන් භූමියේදී පැවත්වුවේ වැසියන් 5000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.

යාපනය දිස්ත්‍රීක්කයේ යාපනය සරසවිය, කොඩිකාමම්, කෝපායි ඇතුලු ස්ථාන 11 කදී මහවිරු සැමරුම් සිදු කොට ඇති අතර මෙම සැමරුම් සඳහා දේශපාලඥයින් වශයෙන් සහභාගී වී සිටියේ දෙමළ ජාතිකසන්ධානයේ පලාත්සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් හා වින්දන් කනකරත්තනම්ද දෙමළ ජාතික ජනතා පෙරමුනේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලන් යන අය පමණි.

මුලතිව් දිස්ත්‍රීක්කයේද මුලිලි වයික්කාල් ,මුල්ලියාවලෙයි, විශවමඩු තේරාවිල් ඇතුලු ස්ථාන කිහිපයකදී මහවිරු සැමරුම් සිදු වූ අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිවමෝහන්,ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන අය සහභාගී වී ඇත.

වව්නියාව දිස්ත්‍රීක්කයේද ඊච්චන්කුලම් මහවිරු සොහොන තිබූ ස්ථානයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිදු කළ අතර මන්නාරම දිස්ත්‍රීක්කයේද පෙරය පන්ඩිවිරිච්චාන්, වන්නිවිලාන්කුලම් යන සුසාන භූමි වල මහවිරු සැමරුම සිදු කළ අතර මන්නාරම් මහවිරු සැමරුම් සඳහා උතුරු පලාත් කාන්තා කටයුතු අමාත්‍යවරිය වූ ආනන්දි සසිධරන් යන අය සහභාගී වී ඇත.

මේ අතර උතුරු පලාතේ ප්‍රධාන මහවිරු සැමරුම වූ කනකපුරම් මහවිරු සුසාන භූමයේ වැසියන් 5000 කට අධික සහභාගීත්වයෙන් සිදු වූ අතර මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන එස්.ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රී වැරයා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනුලැබීය.

මහවිරු සුසාණ භූමිවල තිබූ සොහොන් ඉවත් කොට තිබූ හෙයින් සොහොන් වෙනුවට මහවිරු සැමරුමට පැමිණී සෑම වැසියෙකුම පොල් පැලයක් සිටුවීමට පියවර ගෙන තිබුණි.

කොටි සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමත්තා 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාමෙන් පසුව එවක පටන් කොටි සංවිධානය නොවැම්බර් 27 වනදා මහවිරු දිනය නමින් නම් කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

182 views

9 Comments to “කොටි මහවිරු ප‍්‍රධාන සැමරුම කිලිනොච්චිය කොටි සොහොනේදී.. මන්ත‍්‍රීන් සමග විශාල ජනතාවක්ද එති..”

  1. samanali says:

    “මහවිරු සුසාණ භූමිවල තිබූ සොහොන් ඉවත් කොට තිබූ හෙයින් සොහොන් වෙනුවට මහවිරු සැමරුමට පැමිණී සෑම වැසියෙකුම පොල් පැලයක් සිටුවීමට පියවර ගෙන තිබුණි.” Good move….

  2. Ruwan says:

    Every person of this country has equal rights as per the existing law of this country. If JVP can remember their leaders and members, why we should stop them in the Northern Province. As of now, they are not terrorist and commemorating their relatives and political leaders. We should allow them to do so without any interference.

    • Pemasiri says:

      You are correct..
      Then they also should learn to respect our National flag and the Anthum.
      That is not the ground reality.
      This is politics. Tamil politicians need a move like this for their survival.
      That is where the mistake take place.

      • SALMAL says:

        STOP Celebrating LTTE TERRORIST BARBARISM in our Motherland … We fought a ruthless terrorist organization, one that was banned in over 30 countries We ended the most ruthless and barbaric LTTE terrorism that lasted 30 years . What’s happening now ?
        President Sirisena are you sleeping ? why are you allowed to Celebrate LTTE TERRORISM in our soil ?
        What a Shame ? PRESIDENT SIRISENA , PRIME MINISTER RANIL PLEASE RESIGN & go home You both are Traitors

  3. Kings says:

    අද උදේ නිවුස් වලට නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියනව මං අහගෙන මහවිරු සැමරුම නීති විරෝධී. පහුගිය අවුරුදු වල මීඩියා වල පෙන්නුවෙ තමිල්නාඩුවෙ පොටෝ කියල. සමහර විට වෙන්න ඇති. මේ කොන්ද පන නැති ආන්ඩුව ඉන්නකම් කොටි බය නැතුව ජෝගි නටනව. පහුගිය කාලෙ ආන්ඩුව මේවට නිසි දඬුවම් දීපු නිසා බය වුනා.

  4. Ga says:

    Hmmm…hmmm. OBATA SATUTUI da Dan.
    😠

  5. ෂංඉඳියා says:

    බලන්න මොනතරම් අලංකාරද කියල!
    නියම ෂංඉඳියාව!

    • JUDE says:

      මෙලෙච්චේද පිරපකරන් යක්ෂයාගේ හෝරාව නැවත උතුරේ පටන් අරන් ..යමපලනයට සාපවේවා!!
      වැසි නැති හෙන මේ ත්‍රස්තවාදීන්ට.යමපලනයට වැදේවා

  6. W M Fernando says:

    LTTE wants a separate country. Whoever appreciate LTTE is for dividing the country. Therefore allowing to celebrate LTTErs’ is not correct and it is betrayal to the nation. JVP has no such a ideology. Think correctly and ban such LTTE activities.

Main News