කොටි මහවිරු සැමරුවාට අත්අඩංගුවට ගන්නේ නෑ.. ආණ්ඩුව එහෙම කියන්නේ දකුණ සනසන්නයි…- විග්නේෂ්වරන්
December 3, 2017 at 6:27 am | lanka C news
මහවිරු සැමරුම් සිදු කරපු පිරිස් අත්අඩංගුවට ගන්නවා යැයි රජය විසින් සිදු කල ප්‍රකාශයන් ක්‍රියාත්මක නොවෙනු ඇති බවට විශ්වාශයෙන් පසුවන බවට උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයාමේ බව කියා සිටියේ යාපනයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මහවිරු සැමරුම් සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවට රජය විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී එයට පිළිතුරු දෙමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා විසින් වැඩි දුරටත් කියා සිටියේ,
‘මහවිරු වලට සම්බන්ධ පුදගලයින් අත්අඩංගුවට ගන්නවා කියලා එක් ඇමති වරයෙක් ප්‍රකාශ කරල තියනවා කියල දැනගන්නට ලැබුනා. දේශපාලඥයින් මේ කරුණු කියන්නේ ඔවුන් මේ ගැන අවධානයෙන් පසුවෙනව කියලා දකුණේ ජනතාවට අගවන්න. ඊට හැර ඊට විරුද්ධව මොකුත් කරන එකක් නැහැ කියලා අපි විශ්වාශ කරනවා. මොකද මෙවැනි රැස්වීම් පැවත්වීමට ඔවුන් ඉඩලබා දීලා තියනවා.
නැතිනම් රජපක්ෂ ආණ්ඩු සමයේදී මෙවැනි රැස්වීම් වලට තහනම් පැනවූවා වගේ තහනමක් පනවන්න තිබුනා. එලෙස තහනමක් නිකුත් නොකොට ඒ අයට සමරන්න දීලා දැන් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා යැයි පැවසීම අපි දකින්නේ බුරන බල්ලෙක්ගේ හඩක් වගෙයි බුරන බල්ලෝ හපන්නේ නැහැ’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඇත්ත ම ඇත්ත , ඕක තමයි මහ ඇමති තුමෝ, අද වෙන්නෙ….