කොටි යුගයක් නැවතත් ඔ්නෑ කීවේ එජාපය ප‍්‍රවර්ධනයටයි..- විජයකලාගෙන් පොලීසියට තවත් ආන්දෝලනාත්මක කට උත්තරයක්..

July 25, 2018 at 9:20 am | lanka C news
කොටි යුගයක් නැවතත් ඔ්නෑ කීවේ එජාපය ප‍්‍රවර්ධනයටයි..- විජයකලාගෙන් පොලීසියට තවත් ආන්දෝලනාත්මක කට උත්තරයක්..

කොටි සංවිධානය නැවත උවමනා බවට තමන් විසින් පසුගියදා ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රවර්දනය කිරීමේ අරමුණින් මිස කොටි සංවිධානය නැංවීමේ අරමුනින් නොවන බව හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සදහන් කර ඇත.

අදාල ප‍්‍රකාශයේ බරපතල බව තමනට තේරුම් ගියේ එයින් පසුව ඇති වූ ආන්දෝලනාත්මක තත්වයෙන් යයිද ඇය පවසා තිබේ.

ඇය විසින් මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් හමුවේ ප‍්‍රකාශයක් ලබා දෙමිනි.

ඊයේ දිනයේ යාපනයට ගොස් මන්ත‍්‍රිවරියගෙන් පැය තුනහමාරකට අධික කාලයක් ප‍්‍රකාශයක් ලබා ගැනිමට පොලිසිය කටයුත කර තිබේ.

යාපනය දිස්ත‍්‍රික්කයේ පැවැති අපරාධ සිදුවීම් නිසා දැඩි ආතතියෙන් සිටි තමන් අතින් අදාල ප‍්‍රකාශය කියැවුනු බවත් මෙය ප‍්‍රසිද්ධියට පත් වූ පසු එහි බරපතල කම වැටහී ගිය බවත් ඇය සිය ප‍්‍රකාශය මගින් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මේ හා සමානම ප‍්‍රකාශයක් ඇය විසින් 2015 වසරේ මුල් කාලයේදී සිරස රූපවාහිනියේ පැවති විවාදයකදීද සිදු කල අතර එම වසරේ පැවති මහ මැතිවණය සදහා ඇය විසින් ඊළාම් සලකුණු හා සිතියම සහිතව ප‍්‍රචාරයේ යෙදි තිබින.

34 views

11 Comments to “කොටි යුගයක් නැවතත් ඔ්නෑ කීවේ එජාපය ප‍්‍රවර්ධනයටයි..- විජයකලාගෙන් පොලීසියට තවත් ආන්දෝලනාත්මක කට උත්තරයක්..”

  1. Razor says:

    Does that mean once LTTE is back to stream in, UNP will be flourished? and vise versa…?

  2. සිංහල බන්ඩා says:

    ත‌ොප්පිගල කැලයක්, ඔිනෑ ග‌ො න‌ෙකුට යුද්ධ න‌ොරන්න පුලුවන් වග‌ේ කතා කියපු උන්ග‌ෙ ඒජාප‌ෙ‌ට විජයකලා වග‌ේ ක‌ොටි ද‌ෙ‌නක් අැවිත් තප්පුුුුලන ඒක අරැමයක් න‌ෙව‌ෙය්

  3. කැපුවත් කොල says:

    ඒ කියන්නෙ UNP = LTTE .

  4. Hari says:

    Mokkada meya ganam katha karanne PARLIAMENT EKKATA BOMBER GAHANA ONEA KIYAPU EKATA MOKUTH NENA

  5. බබා says:

    අනේ මෙයා බබා. මේ වගේ මොංගල් බබ්බු තමයි හූ.ඇම්.පිම්පියො ඔක්කොම.

  6. don katugampala says:

    kithul gahata negga eka thankola kapagena bahinna hadanne,

  7. LION says:

    ලන්ඩන් ගියේ පොලිසියට කියන දේ දෙමළ ඩයස්පොරාවෙන් ඉගනගන්න අපේ බූරුවෝ මේවට රැවටෙනවා කණගාටුයි

Main News