කොටි වලදැමු රත්තරන් හා ආයුධ සොයා කැනීමක්…
October 28, 2019 at 2:20 am | lanka C news
අවසන් යුධ සමයේ කොටි සංවිධානය විසින් කිලිනොච්චිය, වට්ටකච්චි ප්රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ප්රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.
කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය හා කිලිනොච්චිය පොලිසිය විසින් කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ මෙම කැනීම් සිදුකෙරිණ.
පැය කිහිපයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත යුද උපකරණයක් හෝ කිසිවක් නොලැබුනු අතර, කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවද පොලිසිය පැවසීය.
මීට පෙරද අවස්ථා ගණනාවකදී කිලිනොච්චිය,අරවියල්නගර් ප්රදේශයේ හා මුල්ලිවයික්කාල් ප්රදේශයේ එල් ටි ටි සංවිධානය වළ දැමු රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළද කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ