කොටි වලදැමූ රත්තරන් ගොඩගන්න සැප රියකින් ගිය පිරිසක් අත්අඩංගුවට…

April 29, 2018 at 8:42 am | lanka C news
කොටි වලදැමූ රත්තරන් ගොඩගන්න සැප රියකින් ගිය පිරිසක් අත්අඩංගුවට…

පොළව යට ඇති රත්‍රං ඇතුලු ලෝහ වර්ග හඳුනාගන්නා ස්කෑනර් යන්ත්‍රයක් ඇතුලු උපකරණ තොගයක් සමග අති සුඛෝපභෝගී වෑන් රථයකින් යිමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු ඊයේ (27) දින වව්නියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියා සිටියේය.

වව්නියාව පොලීසියේ දූෂණ මර්ධන ඒකකය විසින් නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද හදීසි සෝදිසි වැටලීමකදී ඒ-9 මාර්ගයේ ගමන් කරන ලද අදාල වෑන රථය පරික්ෂා කළ අතර එහිදී වෑන් රථය තුල තිබූ අදාල ස්කෑනර් යන්ත්‍රය හා තවත් ස්කෑනර් යන්ත්‍රයක කොටස් රැගෙන යමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින කුලී පදනම මත ගුවන්තොටුපලට කුලී ගමනක් යන මුවාවෙන් ගත් සුඛෝපභෝගී වෑන් රථය කුලියට ගෙන ගෙන උතුරේ ස්ථාන කිහිපයක යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදැමූ බවට සැකකෙරෙන ස්ථාන කිහිපයක් පරික්ෂා කිරීමට ගොස් ආපසු අනුරාධපුරය දක්වා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, වල්සමුල්ල , යාපනය ,කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර මෙහි මහ මොළ කරුවශයෙන් කටයුතු කර ඇත්තේ අනුරාධපුරයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු  වෑන් රථයේ රියදුරු වශයෙන් කටයුතු කොට ඇත.

අත්අඩංගුවට ගත් ස්කෑනර් යන්ත්‍ර රුපියල් කොටියකටත් වඩා වටිනා බවටත් සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද වවුනියාව පොලිස් දූෂණ මර්ධන ඒකකය කියා සිටියේය.

වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වව්නියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විල්ලෝර ආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක සුභසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම අංශයේ නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views

One Comment to “කොටි වලදැමූ රත්තරන් ගොඩගන්න සැප රියකින් ගිය පිරිසක් අත්අඩංගුවට…”

  1. Samuvel says:

    අන්න නියම වැඩ කිඩ, දැන් තියෙන්නෙ සිල් රෙදි , වාහන අවබාවිත වගේ කේස් වලට රිමාන්ඩ් කලා වාගෙ මේ හොරකමටත් නීතිය ක්‍රියාත්මක කරන්නයි. ෆොන්සේකා මැතිදුත් අහගෙනද ඉන්නේ.

Main News