කොටි වල දැමූ රත‍්‍රන් හා නිධන් සොයන්න විදේශීය ස්කෑනර් යන්ත‍්‍රයක් ගෙනැත්..

August 29, 2017 at 5:30 pm | lanka C news
කොටි වල දැමූ රත‍්‍රන් හා නිධන් සොයන්න විදේශීය ස්කෑනර් යන්ත‍්‍රයක් ගෙනැත්..

පොළව යට පවතින් ලෝහ වර්ග සෙවීම සඳහා භාවිතා කරන විදෙස් රටක නිශ්පාදිත අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් වව්නියා ඖෂධපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට ඊරට්ට පෙරියකුලම් පොලීසිය කියා සිටියේය.

ඖෂධපිටිය ප්‍රදේශයේ ගමන්ගත් සැකකටයුතු වෑන් රථයක් සෝදිසි මුර සංචාරයක යෙදී සිටි ඊරට්පෙරියකුලම් පොලිස් නිධාරීන් පිරිසක් විසින් පරික්ෂා කිරීමේදී අදාල ස්කෑන් යන්ත්‍රය සොයාගෙන ඇත.

මෙසේ හමු වූ ස්කෑන් යන්ත්‍රයට සමාන යන්ත්‍ර කිහිපයක් පසුගිය කාලයේ උතුරේ ස්ථාන කිහිපයකින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දැමූ බවට සැකකෙරෙන රත්තරන් ගොට ගැනීම සඳහා සැලසුම් කර තිබියදී වන හෙයින් මෙම යන්ත්‍රයද එවැනි කටයුක්තක් හෝ නිධන් හැරීමකට රැගෙන යන්නට ඇති බවට සැකයක් පවතින්නේ යැයි ඊරට්ට පෙරියකුලම් පොලීසිය කියා සිටියේය.

90 views

One Comment to “කොටි වල දැමූ රත‍්‍රන් හා නිධන් සොයන්න විදේශීය ස්කෑනර් යන්ත‍්‍රයක් ගෙනැත්..”

  1. aniwa says:

    so MR did this again.

Main News