කොටි වෙඩි ප්‍රහාරයකින් මියගිය යාපනයේ දොරෙඅප්පාගේ මුණපුරා කැණඩාවේ පොලිස් ප්‍රධානියෙකු වෙයි..

August 6, 2019 at 8:02 am | lanka C news
කොටි වෙඩි ප්‍රහාරයකින් මියගිය යාපනයේ දොරෙඅප්පාගේ මුණපුරා කැණඩාවේ පොලිස් ප්‍රධානියෙකු වෙයි..

යාපනයේ නාගරාධිපති වශයෙන් සේවය කොට එල්.ටී.ටී.ඊ. වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතාගේ මුණබුරෙකු වූ නිෂාණ් දොරේඅප්පා මහතා කැණඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී ඇත.

පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා මහතා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කොට ඇත.

යුද සමයේදී යාපනයේ නගරාධිපති වශයෙන් සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතා කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමෙන් පසුව එම පවුල් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැඩාවට පදිංචියට යන අතර එහිදී නිෂාන් දොරේඅප්පාට වයස අවුරුදු 03 ක කුඩා දරුවෙකි.

අනතුරුව ඔහු නිසි වසින් පොලිස් සේවයට බැඳීමෙන් පසුව කැණඩාවේ අපරාධ පරික්ෂණ කටයුතු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේද සේවය කොට අවුරුදු 25 ක පලපුරුද්දක් ලැබීමෙන් පසුව නිෂාණ් දොරේඅප්පා මහතාට මෙම තනතුර ලබා දී ඇත.

පීල් නගරයේ පොලිස් නිලධාරීන් 3000 ක් පමණ සේවය කරනු ලබන අතර එහි නියෝජ්‍ය පොලිස් ප්‍රධානිය වශයෙන් පත්වීම දොරේඅප්පා පරම්පරාවද ලද මහත් කීර්තියක් බවට එම පවුලේ ඥාතීහු පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

54 views

2 Comments to “කොටි වෙඩි ප්‍රහාරයකින් මියගිය යාපනයේ දොරෙඅප්පාගේ මුණපුරා කැණඩාවේ පොලිස් ප්‍රධානියෙකු වෙයි..”

  1. CHAMINDA -SADA STF says:

    Congratulation Dore..!
    Well Done,..

  2. Just says:

    Prabakaran shot and killed ඇල්ප්‍රඩ් දොරේඅප්පා. He later admitted the killing. There was no LTTE at the time. ඇල්ප්‍රඩ් දොරේඅප්පා was a SLFP member at the time and was a Minister in the previous SLFP led govt.

    Then Govt. of Mrs B sent a team of high-ranking police officers from Colombo to Jaffna to investigate the murder. Prbakaran and his gunmen shot and killed all of them in one-hit.

Main News