කොටි සංඛේත නැතිව මුල්ලිවයික්කාල් සැමරුම් කරන්න පොලිසියෙන් අවසර…

May 17, 2022 at 3:50 pm | lanka C news

මැයි 18 වනදාට මෙවර යෙදී ඇති 13 වන යුද සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්ථානයේදී කිසිදු අයුරකින් කොටි ත්‍රස්ත නාම හෝ සංඛේතයක් හෝ යොදානොගෙන සැමරීම් සිදුකිරීමට අවසරය ඇති බවට මුලතිව් පොලීසිය විසින් එහි සංවිධායකයින්ට දැනුම් දී ඇත.

මේ අතර මුල්ලිවයික්කාල් යුදසැමරුම් දිනයේදී කිසියම් කොටි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්ථා කිරීම සාවාද්‍ය පුවතක් බවටත් උතුරු ප්‍රදේශයේද මේ වන විට ආරක්ෂාව තහවුරු වී මහජන සාමය සාමාන්‍ය තත්වයෙන් පවතින බවටද ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මුල්ලිවයික්කාල්හි පිහිටි යුද සැමරුම් ස්මාර්කය අභියසට හෙට (18) දිනයේදී සියලු ජනතාවට පැමිණ යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කොට මල්පහන් දල්වා සෙත්ශාන්ති දක්වන ලෙසට උතුරේ ජනතාවට දෙමළ ජාතික සංස්කෘතික සභාව විසින් ආරාධනා කොට තිබුණි.

මැයි 12 වනදා සිට මැයි 18 වනදා දක්වා ජනසංහාර සතිය ලෙසින්ද හඳ්‍රන්වා දී තිබුණු අතර එම දිනයන්හි විවිධ පාර්සවයන් විසින් විවිධ ස්ථානයන්හි මෙන්ම මුල්ලිවයික්කාල් යුදසැමරුම් ස්මාර්කය ඉදිරිපිටදීද යුද්දයෙන් මිය ගිය අය සිහිපත් කරමින් මල්පහන් දැල්වීම සිදුවිය.

හෙට (18) දිනයේදී මුල්ලි වයික්කාල් යුදසැමරුම් භූමිය යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා සියල්ල සූදානම් කොට ඇති බවටත් හෙට දින උදෑසන 9 වන විට භූමියට පැමිණෙන ලෙසටද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් හා සංවිධායකවරුන් විසින් ජනතවගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම යුදසැමරුම් සිදුකෙරෙන ස්ථානයේ කිසියම් නීතිවිරෝධී ත්‍රස්ත සැමරුම් ක්‍රියාවක් සිදුවෙන්නේද යන්න පිළිබඳව පූර්ණ අවධානය යොමු කරන බවටත් එලෙස සිදුවන්නේනම් නීථිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,869 views

4 Comments to “කොටි සංඛේත නැතිව මුල්ලිවයික්කාල් සැමරුම් කරන්න පොලිසියෙන් අවසර…”

  1. Sinhalaya says:

    Apita 1948 n pasuwa sinhala nayakayek sitiyanam hela rata paalanayata rata parayange gubbeeyam wenne netha .

  2. Tharuni says:

    සම හරක් මරණය ලං වෙනකොට ඉව දැනිලා මරැ විකල්ලෙන් දඟලනවා.

  3. ජබීර් says:

    ම්ලේච්ඡ යුද්ධයක් කරලත් ජීවිත දානය දුන්නාට මේ කොටි සාමාජිකයන් ගෝටාභය ඇතුලු හමුදාවේ කොල්ලන්ට ණයගැති වෙන්න ඕනෑ. මේ යුද්ධය ඇමරිකාවේ සිදූඋනා නම් ඇමරිකන් හමුදාව මුන් එකෙක් වත් ඉතුරු කරන්නේ නැහැ. සුන්නත් දූලි කරලම දානවා.

  4. යමයා says:

    සාතන් මැල්කම්ගෙ කුමන්ත්‍රණ වලට අහුවෙච්ච උන්ට සතූටුයිද ?

Main News