කොටි සංවිධානයේ නිල GPS යන්ත්‍රයක් හමු වේ..

November 2, 2019 at 8:02 am | lanka C news
කොටි සංවිධානයේ නිල GPS යන්ත්‍රයක් හමු වේ..

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන බවට සැකකෙරෙන එම සංවිධානයේ නිල නාමය ඇතුලත් ජ.පී.එස්. යන්ත්‍රයක් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියෙකුට හමු වී ඇත.

කොටි සංවිධානයේ නිල නාමය වූ ත.වී.පූ. (තමිල් විඩුදලෙයි පුලිකල්) 055 නැමති අංකය දරන අදාල ජී.පී.එස්.යන්ත්‍රය මුල්ලි වයික්කාල්හි නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම එලිපෙහෙලි කරමින් සිටියදී අඩියක් පමණ ගැඹුරින් වලදමා තිබියදී හමු වී ඇත.

අනතුරුව අදාල වැසියා විසින් ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇති අතර අවසන් යුද සමයේදී කොටි සංවිධානයේ සාමාජිකයෙකු විසින් මෙම ජී.පී.එස්. යන්ත්‍රය සඟවන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,592 Viewers
Main News