කොටි සංවිධානයේ රත්තරන් ගබඩාවක් සොයා මුලතිව්හි පොළව හාරයි…

April 3, 2019 at 5:30 pm | lanka C news
කොටි සංවිධානයේ රත්තරන් ගබඩාවක් සොයා මුලතිව්හි පොළව හාරයි…

යුද සමයේදී කොටි සංවිධානය විසින් රත්තරන් විශාල ප්‍රමාණයක් වල දමන ලද්දේ යැයි සැක සහිතව මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද කැනීමකදී කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පැවසීය.

හිටපු කොටි සාමාජිකයෙකුගෙන් ලැබුනු තොරතුරකට අනුව ඔඩ්ඩුසුඩාන් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි සමූපාකාර දේපාර්තමේන්තුවට අයත් භූමියක පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් අදාල කැනීම සිදු කරන ලදි.

මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙම කැනීම සිදු කල අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය වැසියන්ට අයත් රත්තරන් විශාල ප්‍රමාණයක් අදාල ප්‍රදේශයන්හි වලදමා ගබඩා කොට ඇති බවට ලැබුනු තොරතුරකට අනුව මෙලෙස කැනීම් සිදු කරන බවට මුලතිව් පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

68 views
Main News