කොටි සමරා අත්අඩංගුවට ගත් මන්ත‍්‍රී ඇප මත නිදහස්..

September 23, 2021 at 7:06 pm | lanka C news
කොටි සමරා අත්අඩංගුවට ගත් මන්ත‍්‍රී ඇප මත නිදහස්..

යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.

පවතින කොරෝණා අවදානම හේතුවෙන් පනවා ඇති  නිරෝධායන ඇදිරිනීති කඩ කරමින්  අදාල මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස රැස්ව තිලිපන් සැමරීම සදහා සම්බන්ධවී ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධා එල්ල වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

හිටපු කොටි නායක තිලීපන් නැමැත්තාගේ 34 වන සැමරුම වෙනුවෙන් ඔහුගේ ස්මාර්කය තිබූ ස්ථානයේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබූ අතර එම ස්තානයට පැමිණි පොලිස නිළධාරින් විසින් උත්සව අවස්ථා සිදු නොකරන ලෙසට අධිකරණ තහනම් නියෝගයක් පනවා ඇති බව ප්‍රකාශ කළද මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් සැමරුම් උත්සවය පැවැත්වීම සදහා කටයුතු කළ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍යාගදීපන් තිලීපන් නැමැත්තා 1987 වසරේ සැප්තැම්බර් මස 15 දින මාරාන්තික උපවාසයක් ඉල්ලිම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අතර සැප්තැම්බර් 26 වන දින ජීවිතක්ෂයට පත්විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,138 views

9 Comments to “කොටි සමරා අත්අඩංගුවට ගත් මන්ත‍්‍රී ඇප මත නිදහස්..”

  1. ගෞම් ඊයාරාජ් says:

    අනිත් පැත්තට ඇප දෙන්නනං ඇයි මූව අත් අඩංගුවට ගත්තේ , ඇමෙරිකාවේ ගිහින් කොටි ඩයස්පෝරාවට සාකාච්චා කරන්න ආරාධනා කරනවා , එන්.ජී.ඕ සෙට් එක සන්තර්පනය කරන්න ජී.එල් පිරීස්ලා සාකාච්චා වට තියෙනවා , එතකොට බන් කොහොමද ලංකාවේ ඉන්න පහලම ස්ථරයේ බෛයි රංචු රෙද්දක් ඇදං පාරට බහින්නේ , උන් එදා ඉදලා ගහපු කොටි ඩයස්පෝරා කුමණ්ත්‍රණ , එන්.ජී.ඕ පිල්ලී කතා කියවන්නේ කොහොමද කියහංකො රෙද්දක් ඇදන්. බෛයෙක් කොටි ඩයස්පෝරා , එන්.ජී.ඕ පිල්ලී ගාගෙන වැලලෙන්න ආවොත් කනට එකක් ගහලා පැත්තකට කරහල්ලා. 😂😂😂

  2. සවාධීන says:

    ආයේ මේ කපේදී දමිල කොටි ත්‍රස්තවාදීන් බිහි වන්නේ නැත.
    ඔවුන්ගේ පැතුම් නිදහසේ ජීවත් වෙන්න.

    • ගෞම් ඊයාරාජ් says:

      ඥාණසාර හාමුදුරුවො නං කියන්නේ ඕන වෙලාවක ගහන්න බඩු රෙඩි කියලා .

      • cobra says:

        පසුගිය කාලේ දෙමල කොටි ඩයස් පෝරාව සමග කල ඩිල් එකේ ප්‍රතිපලයක්ද ?

  3. 3% ට බය බයියා. says:

    දකුණේ කට්ටිය කළා නම් අදීකරණයට ඉදිරිපත් කර ඇප ලැබුණු ගමන් නිරොධායන මධ්‍යාස්ථානයට ගෙනියනවා .

  4. MD says:

    මාරාන්තික උපවාසයකින් මැරුන දෙන්නයි ලංකාවෙ ඉන්නෙ. එක්කෙනෙක් තිලීපන් අනිත් කෙනා විමල්

  5. Jude says:

    යාපනේ කොටි ත්‍රස්තවාදින් සිහිවෙන්න හදපු සමරු පලක සහ ස්ථාන ඉවත් කරන්න! කොටි ත්‍රස්ත සැමරුම්වලට ඉඩනොදෙනු!!! දැන්වත් තද නීති සාදා කොටි සැමරුම් තහනම්කරන්න. මේවැනි සිදුවීම දැන්ම නැවැත්තුවේ නැත්නම් පස්සට කරදරයක් වෙනවා.

    • කසිප්පු ජොනී says:

      හා

    • ගෞම් ඊයාරාජ් says:

      මූ කාලෙකින් නිවුස් නොබලපු අමු ගොං බෛයෙක් වෙන්න ඔනේ මාස ගානක් නිදාගෙන ඉදලා නැගිට්ට අමූ ගොං බෛයෙක්. 😂😂😂😂