‘කොටි සමරු ස්මාරකය යලි ඉදිකරනු…’ යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක…
January 10, 2021 at 4:40 pm | lanka C news
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමට එරෙහිව විරෝධය පා යාපනය විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු විසින් මාරාන්තික උපවාසයක් මේ වන විට ආරම්භ කොට ඇත.
මේ අතර කඩා දැමුනු යුද ස්මාර් කය වහාම නැවත ඉදිකරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ පිවිසුම් දොරටුව ඉදිරිපිටදී විශ්වවිද්‍යාල සිසුන් හා දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (09) සවස විරෝධතාවයක නිරත වෙමින් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයතියක් මෙලෙස විනාශ කිරීම දෙමළ ජනතාවට සිදු වූ දැඩි අසාධාරණයක් බැවින් රජය මැදිහත්ව වහාම අදාල යුද සැමරුම් ස්මාර් කය නැවත ඉදිකරන ලෙසටය.
විරෝධතාව පැවති අවස්ථාවේදීද ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර් ය බලකාය කැඳවීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය.
මේ අතර මාරාන්තික උපවාසයේ යෙදී සිටින සිසුන් පස් දෙනාගෙන් එක් සිසුවෙකු පමණක් මාරාන්තික උපවාසයේ යෙදෙන අතරම අනෙක් සිසුන් සිව් දෙනා සහයට සහභාගී වී සිටින අතර දිනකින් පසුව නැවතත් තවත් සිසුන් පිරිසක් ඊට සහයට සහභාගී වන බවටද දැනුම් දී ඇත.
විශ්වවිද්‍යාලයේ යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමට එරෙහිව විරෝධය පා නොසන්සුන් අයුරින් හැසිරුනු සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවූ බවට කෝපායි පොලීසිය පවසයි.
අදාල සිසුන් දෙදෙනා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් සිසුවෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටි අතර නඩුව නැවත අප්‍රේල් මස 19 වනදා කැඳවීමටද නියෝග කොට සිටියේය.
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර්කය 08 වනදා රාත්‍රියේ ඉවත් කිරීමත් සමග විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දැඩි නොසන්සුන් තත්වයක් යාපනය විශ්වවිද්‍යාල පිවිසුම් දොරටුව අසල පැවතීම හේතුවෙන් තත්වය පාලනය කිරීමට යාපනය පොලිස් විශේෂ කාර් ය බලකා සෙබලුන් කැඳවීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
එකරටක් නීති දෙකක්
Arrest all these idiot and send them to jail ….