කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි දෙමල සන්ධාන මන්ත‍්‍රීන් විරෝධතා.. උතුරේ හර්තාල්..

October 13, 2017 at 5:30 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි දෙමල සන්ධාන මන්ත‍්‍රීන් විරෝධතා.. උතුරේ හර්තාල්..

උතුරු පලාත් තුල හර්තාලයක් ක්‍රියාත්මක වන අතරතුර යාපනය දිස්ත්‍රීක්කයේ සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ අද (13) උදෑසන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවයන් සංවිධානය කොට තිබූ අතර යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට හා කිලිනොච්චිය නගර මධ්‍යෙය් මෙම විරෝධතාවන් සංවිධානය කොට තිබුණි.

විරෝදාතවන් සඳහා දේමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා දෙමළ ජාතික සන්ධානයේ ජනතා නියෝජිතයින් වන පාර්ලිමේන්තුමන්ත්‍රී එස්.ශ්‍රීධරන් හිටපු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

විරෝධතාවන්ට එක් වූවන් කියා සිටින්නේ

‘වසර ගණනාවක් සැක පිට පමණක් සිගතරව සිටින දේශපාලන සිරකුරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවටත්, දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාර වල රඳවා ඇත්තේ මරණ දඩුවම නියම වූ සිරකරුවන් සමග වන හෙයින් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බැවින් එවුන් වහාම වෙනත් මැදිරි වෙතට මාරු කළ යුතු බවටත්,

වවුනියාව මහාධිකරණයේ එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තුන් දෙනෙකුට එරෙහිව විභාග වෙමින් පැවති නඩු තුනක් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීම වහාම නතර කරණ ලෙසත් ඔවුන් පවසා සිටින්නේ අනුරාධපුර මහාධිකරණයේදී නඩු විභාග වන විට නිසි ලෙස භාෂා පරිවර්තනයක් සිදු නොවන නිසා තමන්ට සාධාරණයක් ඉටු නොවන බවටයි.

එහෙයින් එම නඩු නැවත වව්නියාව අධිකරණයේදීම විභාගය විය යුතු බවටද විරෝධතා කරුවන් කියා සිටියහ. අදාල කරුණු මුල් කරගිනිම්න අද උතුරු පලාත තුල හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

39 views

2 Comments to “කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි දෙමල සන්ධාන මන්ත‍්‍රීන් විරෝධතා.. උතුරේ හර්තාල්..”

  1. Sri Lankan says:

    Can someone tell me how “terrorists” became “political prisoners”?

  2. sinha le says:

    මුන්ට දෙන්ඩ ඕනේ රජකාලේ දඩුවම් නිකන් තියාගන කන්ඩ දෙන එක අපරාදේ

Main News