කොටි සැකකරුවන් නිදහස් කරනු කියා විරෝධතා…
October 26, 2017 at 8:02 am | lanka C news
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය හා මාක්ෂ්වාදි ලෙනින් පක්ෂය විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර මෙම විරෝධතාව සඳහා දේශාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක්ද සහභාගී වී සිටයහ.
විරෝධතාවයේ යෙදුනු පිරිස් කියා සිටියේ අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකුරුවන් වහාම නිදහස් කළ යුතු බවටත්ය.
එමෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හෝ ඔවුන් සම්බන්ධයෙන් විධිමත් විසඳුමක් ගැනීමට වත්මන් රජය දවසින් දවස කල් ගන්නා බවටත් රටේ පාලකයාගේ සිට සියලු බලධාරීන් වගකීම් පැහැර හරින් බැවින දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉක්මන් විසඳුමක් ලබා දිය යුත බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
“… මෙම විරෝධතාව සඳහා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක්ද සහභාගී වී සිටයහ…” අනේ මිස්ටර් වන්නි මධුෂංඛ! ඔයාටත් උන් දේශපාලන සිරකරුවොද දැන්?
සිරිබිරිස් ඔයා හරියටම හරි.