කොටි සැකකරුවන් නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. ඉතිරි වැඩ තව පොඩ්ඩයි..- සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි..
September 18, 2018 at 5:30 pm | lanka C news
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතරතුර (17) සිව්වැනි දිනටත් ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනාගෙන් එක් අයෙකු 16 සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ.
සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නැමති මෙම එල්.ටී.ටී.ඊ.සැකකරු දැනට අවුරුදු අටක පමණ කාලයක් අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතර ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යවා තිබේ.
මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේදී ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී,ඊ. සාමාජිකයින් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් හා උතුරු පළාත් සභාවේ කේ .ශාන්තන් මන්ත්‍රීවරයා අනුරාධපුර බන්ධනාගාරය වෙත 16 දින ගොස් තිබේ.
මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රජයෙන් මේ පිරිස නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු පියවරෙන් පියවර සිදු කරමින් සිටින නිසා වසර ගණනාවක්ම ඉවසාගෙන සිටි අන්දමට තවත් සුළු කාලයක් ඉවසා සිටින ලෙසයි.නමුත් ආහාර වර්ජනය අත් හැරීමට ඔවුන් එකග වී නොමැත.
මේ පිළිබදව අනුරාධපුර බන්ධනාගාරයෙන් විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය ආරම්භ කෙරෙන විටම අනුරාධපුර බන්ධනාගාරයේ සිටින මේ සිරකරුවන් පිරිස ආහාර වර්ජනයක නිරත වන බවටයි.
මෙසේ ආහාර වර්ජනයක නිරතව ඇත්තේ යාපනයේ පදිංචි මරියදාස් සුලක්ෂන්, රාසදුරෙයි තිරුවරුන්, සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජ්, රාසපල්ලවන් තබෝරූපන්, රාසදුරෙයි ජෙගන්, සූරියකාන්තී ජයසුන්දරන්, සිවප්රකාශන් සිවශීලන්,තංගවේල් නිමලන් යන රැදවියන්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොටි සැකකරුවන් නිදහස් කරන්ට විතරක් නෙවෙයි උන්ට ඕනැ උතුර බන්දේසියේ තියල වැඳල පූජා කරන්ට මේ පොන්න යහපාලන රජය කටයුතු කරනවා.
LTTE Tamil Criminals should be punished, not fed pastries.”
Sumathidaran ( LTTE terrorist supporter) ,shut your tiger mouth and go to hell
LTTE terrorist Murders Criminals should be punished and be in jail for ever There is no moral difference between a LTTE Criminals and a LTTE suicide bomber. They both kill innocent people for political reasons.& EELAM separatism
….They shoud be punished not set free ,remember that stupied Man
Everyone’s worried about stopping LTTE TAMIL terrorism. Well, there’s really an easy way, Yahapalana government Stop participating in it …BAN TNA PARTY
Arrest TNA terrorist political leaders and send them to jail specially Sumanthiran
Tho rate janadipathida sakkiliya….