කොටි සැකකරුවන් නිදහස් කරනු.. යාපන සරසවි සිසුන් අනුරාධපුර බන්ධනාගාරය වටලති..

October 12, 2018 at 12:40 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කරනු.. යාපන සරසවි සිසුන් අනුරාධපුර බන්ධනාගාරය වටලති..

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතා පාගමන අද (12) උදෑසන ඕමන්තේ සිට වව්නියාව දිස්ත්‍රීක්කයට ලගා වීමෙන් අනතුරුව වව්නියාවේ සිට අනුරාධපුර දක්වා මන් ආරම්භ කරනු ලැබීය.

දැනට සිරගතව සිටින සියලු දේශපාල සිරකරුවන් නිදහස් කරන ලෙසට රජයට බලකරමින් යාපනය සරසවි සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන යාපනය විශ්ව විද්‍යාලයේ සිට අනුරාධපුරය දක්වා පසුගිය 09 වනදා ආරම්භ කරනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට ඇති අතර යාපනය විශ්වවිද්‍යාල දොරටුවෙන් ආරම්භ වූ පාගමන යාපනය මහනුර මාර්ගයේ යාපනයේ සිට පලෙයි, අලිමංකඩ, කිලිනොච්චිය , මාන්කුලම්, වව්නියාව, මැදවච්චිය හරහා අනුරාධපුර බන්ධනාගාරය දක්වා ගමන් කිරීමට පියවර ගෙන ඇත.

අද දිනයේදී වව්නියාව සිට අනුරාධපුර රජරට විශ්වවදි්‍යාලය දක්වා ගමන් කොට හේට (13) දිනයේදී රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ගේද සහය ඇතිව අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන බවට විරෝධතා පාගමන සංවිධානය කල යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය කියා සිටියේය.

විරෝධතාකරුවන් වැඩි දුරටත් කියා සිටියේ  ‘වත්මන් රජය දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කල සිටියද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවටත් දේශපාලන සිරකරුවන් වසර කිහිපයක් කිසිදු නඩු විභාගයකින් තොරව සිරගතව සිටීම එවුන්ට කෙරෙන දැඩි අසාධාරණයක් බවටත් කිසිදු විභාගයක් නොමැති වසර ගනණාවක් සිරගතව සටීම නිසා ඔවුන් සියලු දෙනා වත්මන් රජය විසින් නිදහස් කිරීමට වහාම පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

96 views
Main News