කොටි සැකකරුවන් නිදහස් කල යුතුයි.. ජනාධිපතිගේද මතය එයයි…

February 4, 2022 at 3:17 am | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කල යුතුයි.. ජනාධිපතිගේද මතය එයයි…

LTTE යැයි සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී “එය කලයුත්තක්” බව ජනාධිපතිවරයා පැවසූ බවත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි කොලොන්නාවේදී පැවසූහ.

තමන් වහන්සේව සිරගත කල අවස්ථාවේදී, LTTE යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බොහෝ දෙනෙක් තමන් වහන්සේ සමීපයට පැමිණ ඔවුන්ගේ ජීවිත කතාව පැවසූ බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

මේ වනවිට යුද්ධය අවසන් බැවින්, තවදුරටත් මේ තුවාලය පාරමින් සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් LTTE සිරකරුවන්ට නිදහස ලබා දීම වැදගත් බව පෙන්වා දෙමින් අවස්ථා කිහිපයකදී ඔවුන්ට නිදහස ලබා දෙන ලෙස වර්තමාන ජනාධිපතිවරයාගෙන් තමන්වහන්සේ ඉල්ලීම් කළ බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

“බටහිරත් යුරෝපයේත් ද්‍රවිඩ බෙදුම්වාදී බලවේග මේකත් එක හේතුවක් කරගෙන රටට එරෙහිව බලමුළු ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඥානසාර හිමියෝ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් උතුරු නැගෙනහිර පළාත්වල සිදුකල සංචාරයන් අතරතුරදී කිලිනොච්චිය, මුලතිව්, යාපනය යන ප්‍රදේශවලදී සිරගතව සිටින පුද්ගලයන්ගේ දෙමව්පියන් පැමිණ තම දරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම් කළ බවත් පැවසූහ.

පසුගිය ජනවාරි 20 වැනිදා පැවති රැස්වීමක් අතරතුරදී ද මේ සිරකරුවන්ට නිදහස ලබා දීම වැදගත් බව ජනාධිපතිවරයාට තමන් වහන්සේ මතක් කළ බවත් “එය කලයුත්තක්..” බවත් “එය කලයුතුයි…” යන්න එතුමාගේ සිතේ තිබුණු බවත් උන්වහන්සේ සඳහන් කර සිටියෝය.

LTTE සැකකරුවන් නිදහස් කළහොත්, බෙදුම්වාදී අඳුරු සේවනැලිවලට ගොඩ නගින්න තිබෙන අවස්ථාව නැතිවෙන බවත් පෙබරවාරී 4 නිදහස් දිනයේදී කිහිපදෙනෙකුට හෝ නිදහස ලැබෙනු ඇතැයි තමන්වහන්සේ විශ්වාස කරන බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

– media unit

20,285 views

12 Comments to “කොටි සැකකරුවන් නිදහස් කල යුතුයි.. ජනාධිපතිගේද මතය එයයි…”

  1. SL says:

    හොද අදහසක්.උතුරේ රැකියා අවස්ථා විරලයි.පිලියමක් දිය යුතුමයි

  2. Prashan says:

    මේ සැකකරුවන් අවුරුදු දහයක් විතර තියාගෙන් ඉඳල නිදහස් කරන්න ඕන. ඔවුන් නැත්නම් ආයෙම බෙදුන්වාදයට යොමුවෙනවා.

  3. hectoraustralia says:

    yes we should release all the LTTE prisoners as long as they have remorse for what they have done. however, they should not be allowed to go overseas freely, because, what most of Srilankan Tamils who have illegally migrated to rich countries do is marring our country image and trying to obtain permanent resident citing various fraudulent stories. They have stated in most of the cases Srilankan army was torturing them like animals and therefore, they are scared to return to Srilanka due to the fear of prosecution of terrorism charges.

  4. Amaris says:

    කොටි නිදහස් කරනවාද නැද්ද යන්න නොවේ ප්‍රශ්ණය ඔහුන් නැවත සමාජගත වන ආකාරයයි ප්‍රශ්ණය. මෙසේ නිදහස් කල බොහෝ දෙනෙක් දැන් සිටින්නේ යුරෝපයේ. ඔහුන් සරනාගත බාවය ලබාගෙන එම රටවල පදිංචි වෙලා සිටින්නේ .මෙසේ සරනාගතබාවය ලැබීමටනම් ඔහුන්ගේ නීති උපදේශකයින්ගේ උපදේශ අනුව වැඩ කල යුතුයි. මෙහිදී සිදුවන්නේ තාමත් ඔහුනට රජය ම්ලේච්ච ආකාරයට සලකන බව ඒත්තු ගැන්වීම. මෙය රජය තව තවත් අපකීර්තියට පත්වීම. අපේ ස්වාමින් වහන්සේ කියන පරිදි ඔහුන්ට නිදහස ලැබිය යුතුයි නමුත් ඔහුන් නිදස් කිරීමෙන් පසු ඔහුන් පුනුරුස්තාපනය කර රැකියා ලබා දී අඩුම වසයෙන් වසර පහකටවත් විදේශ ගමන් තහනම් කල යුතුයි.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    නිදහස් නෙවේ ඔකුන් පෙලියට තියල වෙඩි තියන්න ඕන. මේ මෝඩ නානසාරට පිස්සු හැදිල.

  6. lotus says:

    Good decision ………LTTE leaders are in Parliament poor carders are in Jail……………

  7. ජානක says:

    සිවුර දාගෙන ඉන්න තොපි වගේ රට කන හොර ගන ගෙඩියො ටිකට සිවුරගලවලා ගහන්න ඕන.බේබද්දා තෝනම් රටට සාපයක්.

    • ගුරුන්නාන්සේ says:

      එල්ටීටීඊ එක හදලා පෝශනය කරපු පල්ලියට සාප වේවා! තවමත් කොටි සමරු වලට සහභාගී වන පල්ලි කාක්කන්ට හෙන වදීවා!!

  8. නුවනින් says:

    සම්පූරන සත්‍යක්. බටහිරයන් දෙමල සින්හල බෙදීම සිදුකර යුද්ධයක් දක්වා එය වර්දනය කර අවි ආයුද සපයා ඔවුන්ගේ බල/ආර්තික ලෝක දෙශපාලනයට ඉත්තන් සේ එල්ටීටී ය යොදාගත්තත් සින්හල හා දෙමල අප අතර තිබෙන්නේ සන්ස්කෘතිකව විශාල සම්බන්ධයක්.නමුත් මේ නිදහස් කිරීම පාස්කු බෝම්බයට සමබන්ද ඉස්ලාමික අන්තවාදීන්ට නොදිය යුතුයි .ඔවුන් ලෝක සාමයටම තර්ජනයක් .මුස්ලිම් නොවන හෙමටම තර්ජනයක්.ලෝකයේ අනෙක් ජාතීන් සමග එක්ව විසීමට නොහෙකි ඉස්ලාම් වහාබිවාදින් විනාශ කිරීම ලෝක සාමයට අවශ්‍යම දෙයක්.අද බටහිර ලිබරල් ආන්ඩු පවා මේ සත්‍ය තෙරුම් ගනිමින් යනවා ප්‍රන්ශය මීට හොද උදාහරනයක්

  9. පොඩි මල්ලි says:

    මේ කථාව දබර අමිල හාමුදුරුවෝ කිව්වා නම් කොහොමද දේශප්‍රේමී සෙට් එක රගන රැගිල්ල

    • Sajith Jayasena says:

      කොයි කවුරු කිව්වත් හොඳ දේ මිනිස්සු අගය කරනව.

  10. Sinhalaya says:

    Mun Okotama pissu amu kewila kalakanni jathiyak jammayak nethi heththa

Main News