කොටි සැකකරුවන් නිදහස් නොකලහොත් දැඩි තීන්දුවක් ගන්නවා..- මන්ත‍්‍රී කියයි

August 27, 2017 at 5:30 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් නොකලහොත් දැඩි තීන්දුවක් ගන්නවා..- මන්ත‍්‍රී කියයි

දෙමළ දේශපාලන සිරකරුවන් ඉතා ඉක්මනින් නිදහස් නොකලහොත් ඉදිරියේ දී දැඩි තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේය.

මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී මන්ත්‍රී වරයා වැඩි දරටත් කියා සිටියේ, උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප‍්‍රමුඛ පළාත් සභාව නියෝජනය කරන සියලුම දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් සමග මේ පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කොට තීරණයක් ගන්නා අතරම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රජය සමග සාකච්ඡා පැවැත්වුව ද ඊට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයිටයි.

එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිදු කරන උපවාසයන්ටද රජය විසින් මේ වන තුරුත් කිසදු පිළිතුරක් නොදී ඇති අතරම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබා ගැනීමට දෙමළ දේශපාලන නියෝජිතයින් එක්වී දැඩි තීරණයක් ගත යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47 views
Main News