කොටි සැගවූ බර අවි උණ්ඩ තොගයක් වවුනියාවෙන් හමුවෙයි…
October 30, 2017 at 2:07 am | lanka C news
වව්නියාව ඊරට්ට පෙරියකුලම් පොලිස්වසමට අයත් ගල්නට්ටන්කුලම් ප්රදදේශයේ වලදමා තිබූ බරඅවි සඳහා යොදාගන්නා ජීව උණ්ඩ 498 ක් 18 දා සවස හමු වූ බවට ඉරට්ට පෙරියකුලම් පොලීසිය කියා සිටියේය.
එම්.පී.එම්.ජී. වර්ගයට අයත් මෙම බර අවි උණ්ඩ තොගය පළමුව හමුව ඇත්තේ ගල්නට්ටන්කුලම් ප්රදේශයේ කම්කරු සේවයේ නිරත පිරිසකට වූ අතර පසුව එම පිරිස් විසින් ඒ බව ඉරට්ටපෙරිය කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව එහි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට පැමිණ මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත.
මෙසේ ගොඩගත් ජීව උණ්ඩ වලට අමතරව එම ප්රදේශයේ තවත් යුද උපකරණ ඇත්දැයි යන්න සෙවීම සඳහාද පරික්ෂණයක් සිදු කෙරෙන අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල ස්ථානයේ වලදමන්නට ඇති බවට පොලීසිය සැක පල කිර සිටියේය.
ගොඩ ගත් ජීව උණ්ඩ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමට පියවර ගෙන ඇති බවටද ඉරට්ටපෙරිය කුලම් පොලීසිට වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ