කොටි සැගවූ වස්තු සොයා වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හෑරූ හමුදා සෙබලුන් පිරිසක් අත්අඩංගුවට

June 21, 2018 at 12:40 pm | lanka C news
කොටි සැගවූ වස්තු සොයා වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හෑරූ හමුදා සෙබලුන් පිරිසක් අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමිනි සිටි ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ(20) මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පිහිටි විශාල ගසක් මුල අදාල ගුවන් හමුදා සෙබලුන් පිරිස විසින් පොළව හාරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් විසින් විමසීමේදී පවසා ඇත්තේ කොටි සංවිධානය විසින් වල දමල ලද යුද උපකරණ සොයා කැනීමක් සිදු කරන බවටයි.

නමුත් එම ස්ථානයේ පොලීස් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් ඒ බව මුලතිව් පොලීෂිය දැනුවත් කිරීමෙන් පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාල ගුවන් හමුදා සෙබලුන් තිදෙනා නිසි අවසරයකින් තොරව එම ස්ථානයේ කැනීම් සිදු කිරීම නිසා අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇත.

අත්අඩංගුවට ගත් සෙබලුන් පොලීසියට පවසා ඇත්තේ අදාල ස්ථානයේ යුද උපකරණ තොගයක් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව එම ස්ථාන පරික්ෂා කල බවටයි නමුත් එසේ පරික්ෂා කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බැවින් ඒ බව දන්වා අදාල සෙබලුන් තිදෙනා අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

6 views

One Comment to “කොටි සැගවූ වස්තු සොයා වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හෑරූ හමුදා සෙබලුන් පිරිසක් අත්අඩංගුවට”

  1. බන්ඩා says:

    හමුදාව අපහසුතාවයට පත් කොරන හමුදාවෙ හොරැ. මුන් හිරේ යැවිය යුතුය්.